මඩකළපුව, යාපනය (පලාලි) සහ රත්මලාන යන ගුවන්තොටුපොළවල් කලාපීය වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කර තිබේ.

ඒ අනුව
මින් ඉදිරියට එම ගුවන් තොටුපළවලින් ගුවන් ගමන් සඳහා මගීන්, ගමන් මලු, භාණ්ඩ සහ තැපෑල ගොඩ බෑම සහ පැවසීම සිදු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙතෙක් එම ගුවන් තොටුපළවල් යොදා ගනු ලැබුයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණි. මින් ඉදිරියට දකුණු ආසියානු කලාපයට අයත් රටවල ගුවන්යානා එම ගුවන් තොටුපළ වෙත ගමන් වාර ආරම්භ කරන බවද දැනටමින් ඉන්දියාවේ ඊට එකඟ වී ඇති බවද සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

කලාපීය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය ගනු ලැබ ඇති තීරණයට අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්පරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


- රංජන් කස්තුරි