ප්‍රබල විකල්ප අපේක්ෂකයන් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග සහ ජාතික ජනතා ව්‍යාපාරයෙන්  දිරාපත් වී සිටින මහේෂ්
සේනානායක මහතා සමග සාකච්ඡා කර, ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් කිරීම වෙනුවෙන් යුගයේ කැපකිරීම කරන්නට තමන් සූදානම් බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක රොහාන් පල්ලේවත්ත මහතා පැවසීය.
පල්ලේවත්ත මහතා මේ බව පැවසුවේ පසුගියදා සුගතදාස ගෘහස්ථ
ක්‍රීඩාංගණය පැවැති සමුළුව අමතමිණි.
එහිදී අදහස් දැක්වූ පලවත්ත මහතා,  "අද මෙතනට ආවේ මේ ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරන කතාව කරන්නයි. ඒ තීරණාත්මක කතාව කරන්නයි මං ආවේ. මම නාම යෝජනා දෙන දවසෙ මගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මා අභියෝග කරනවා අනිත් අපේක්ෂකයන්ට පුළුවන් නම් තමන්ගේ නියම වත්කම් බැරකම්
ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කියලා.මේ රජයේ තියෙන අයථා ගනුදෙනු වළක්වන්න අපි බිලොක් චේන් තාක්ෂණය උපයෝගි කරගන්නවා, බලාපොරොත්තුව වෙනවා. ඒ හරහා ඕනෑම කෙනෙක්ට බලාගන්න පුළුවන් කොහොමද මුදල් සංසරණය වුණේ, කාගේ අතටද මේ මුදල් ගියේ කියන එක. මොනවටද මේ මුදල් වියදම් කළේ කියන එක. අපි බලාපොරොත්තු වෙනවා ඇප් එකක් හඳුන්වා දෙන්න. ඒකත් ජනතාවට පුවත් රජය දෛනික ආදායම හා වියදම බලාගන්න. දැන් තියන පනත තොරතුරු ලබාගන්න හරිම අපහසුයි. කල්ගත වෙනවා. ජාතික ආරක්ෂාව නිසා සමහර තොරතුරු දෙත්ත බෑ කියනවා. ජනතාවගෙන් හංගන්න දේවල් එකට තියන්න බෑ.
මම ආවේ ප්‍රධාන දේශපාලන පක්ෂයකින් නෙමෙයි. මේ විකල්ප බලවේගවලට විරුද්ධව
කුමන්ත්‍රණයක් මේ වෙද්දි අයත් වෙනවා. අපි කල්පනා කරන්න අවශ්‍යයි මේ ගැන.විකල්පය නියෝජනය කරමින් මේ විදි ප්‍රබල අපේක්ෂකයන් තුන්දෙනෙක් ඉදිරීපත් වෙලා ඉන්නවා. ජාතික බලවේගයන් අපේක්ෂකයෙක්,
 මහේෂ් සේනානායක මහතා සහ අවුරුදු 03ක සිට මම පට සූදානම් වෙලා අද ඉදිරිපත් වෙලා ඉන්නවා.
මේ අය එක්ක සාකච්ඡා කරලා,ජනතා අපේක්ෂා මුදුන්පත් කරන්න යුගයේ කැප කිරීම කරනත් මම ලැස්තියි කියන එක මේ සභාව හමු වි මම කියන්න කැමතියි. මේ විකල්ප තුන්දෙනාගෙන් ඉදිරීයට යා හැකි කෙනා සමග එකට එකතු විය හැකියි. මේ විකල්පය එකතු කර එක් තරගකරුවෙක් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වුණේ. අපට පුළුවන් ඉදිරි කිහිපය තුළදී ඒ දේ කරන්න. ඒ වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දෙනවා”  යැයිද පැවසිය.