රාජ්‍ය සේවකයන් සියලු දෙනාට විශ්‍රාම ගැනීමට නියමිත වයසක් තිබුණද දේශපාලනඥයන්ට එලෙස විශ්‍රාම යාමේ වයසක් දැනට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ හේතුවෙන් තමා සහ මහින්ද රාජපක්‍ෂ, ආර්, සමීඛන්දන් යන මහත්වරුන් තවමත් දේශපාලනයේ නිරතව සිටින බව අග්‍රාමාත්‍යවරයා
පැවසූයේ ඊයේ (08දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ජාතික විශ්‍රාමික දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
රටේ ආර්ථිකයේ විශාල ණය බරක් තිබිදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ අගය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවත්, වැටුප්,සේවා සහ පහසුකම් වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම ශක්තිමත් කිරීමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.
විශ්‍රාමයට නවෝදයක් තේමාමෙන් මෙවර ජාතික විශ්‍රාමික දින සැමරුම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා,
"අද ජාතික විශ්‍රාමික දින සැමරුම් දිනයයි. ඔබ සියලු දෙනාම ආණ්ඩුවේ සේවකයන් විදියට සේවය කළා. මමත් දේශපාලනඥයෙක් විදියට කටයුතු කළා. ඒත් රටේ නීතිය අනුව ඔබ සියලු දෙනාටම යම්කිසි වයසකදී විශ්‍රාම යන්න තියෙනවා.
දේශපාලනඥයන්ට එහෙම විශ්‍රාම යාම් වයසක් දැනට නැහැ. ඒ නිසා මමත් මහින්ද රාජපක්‍ෂත්, සම්බන්දන් මහතාත් තවම සේවයේ නිරත වී සිටිනවා. මම හිතන්නේ නම් තුනම කියපු නිසා මම මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා නැහැ, විවෘත ආර්ථිකයක් ඇති කරහම රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව අඩු වෙයි කියලා ඇතැම් අයගේ විශාල බයක් තිබුණා. ඒත් අපේ අත්දැකීම අනුව රාජ්‍ය සේවකයක් සංඛ්‍යාව විවිධ ආණ්ඩු යටතේ වැඩි වුණා.
ඒ නිසා පළමුවෙන්ම මගේ යුතුකමක් තියෙන්නේ මෙහෙම කාලයක සේවය කරපු ඔබ සියලු දෙනාටම අපේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. ඔබ ය කරපු නිසා රාජ්‍ය යාන්ත්‍රණය යුධවලින්, සුනාමිවලින්,
කෝලහාලවලින් ආරක්ෂා වුණා. ඒ කාරණය විශේෂයෙන්ම අපි මතක තබාගත යුතුයි.

අද ආණ්ඩුවක් විදියට ඔබේ සේවය අපි අගය කළ නිසා විශ්‍රාමිකයන් වෙනුවෙන් අද අපට දෙවතාවක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න අවස්ථාව ලැබුණා.
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න සිදුවුනේ.ඒ අවස්ථාවේදී හයලක්ෂ තිස්පන්දහසකගේ විශ්‍රාමික වැටුප් විෂමතා ආවා. 2011 අය වැසියනුත් 2019 අයවැය යෝජනාවලිනුත් අපි දෙවතාවක් ඒ වැඩ කටයුත්ත කළා. ඒ යෝජනාවලින් මේ වනවිට සියයට අසූවක්,
අසූපහක් අපි විසඳලා තියෙනවා.ඔබේ නිවසට දැන් සුදු වෑන් එනවා. ඒ සුදු වෑන් එකේ දෙපැත්තේ ලියලා තියෙනවා සුවසැරිය කියලා. අසනීප වුනොත් සුව සැරියෙන් ඇවිත් ඔබව රෝහලට ගෙනියනවා. මුණුබුරාට මිනිබිරියට අසනීප වුණත් ඒ අයට කොහොමද ගෙවන්නේ කියලා හිතන්නත් අවශය නැහැ. ඒ අයට සුරක්‍ෂාරණයෙන් ඒ මුදල් ලබා දෙනවා.එහෙනම් අද යමිකිසිම බරක් අපි වක්‍රව අඩු කරලා තියෙනවා. ඒ එක්කම සමාජය දියුණු කරන්න තියෙනවා, ඇමතිතුමත් මමත් මෙතන ඉන්න අයත් කතා කරමින් හිටියේ මේ විශ්‍රාම වැටුප් ක්‍රමය මෙයටත් වඩා නවීකරණය කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න තියනෑනේ අපේ රටේආර්ථික වර්ධන වේගය සියයට හතහමාරකට වැඩි කරලා" යනුවෙන් පවසා සිටියේය.

චාමර සම්පත්