මත්පැන් පානය කර වෙරි මතින් ප්‍රදේශයේ සිල් මෑණිවරුන් වැඩ වාසය කරන ආරාමයකට ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු බව කියන 42 හැවිරිදි
දෙදරු පියෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට බාරදෙනු ලැබු බව ආණමඩුව පොලිසිය කියයි.

සැකකරු ආණමඩුව ප්‍රදේශයේ ගම්මානයක වාසය
කරන අතර, ඔහුගේ බිරිය හා දරු දෙදෙනා සමග ගමේ වාසය කර ඇත.

මේ අතර ඔහු පසුගිය සිකුරාදා (4) දා රාත්‍රි 9.00 ට පමණ පදම ඉක්මවා මත්පැන් බී තම ගමේ පිහිටි සිල් මෑණිවරුන් වැඩ වාසය කරන ආරාමයක් වෙත ගොස් එහි සුළං ඒමට විවෘතව තිබූ ජනේලයක් අසල සිටිමින් එම කාමරයේ වාසය කළ 61 වන වියේ සිල් මාතාවකට අසැබි ලෙස හැසිරෙමින් කතාකර ඇති බවත් පොලිසිය කියයි.

ඔහුළගේ විලාසයෙන් බියට පත් සිල් මාතාව බියට් පත්ව කෑගැසු විට සැකකරු පලාගොස් ඇති බවත් පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් කියයි.

මේ අතර එකී සැකකරු සිද්ධිය සමථයකට පත්ව ඇති බව සිතා සිය නිවස වෙත පැමිණි විට පෙරේදා (7දා) ගම්වාසින් ඔහුව දැක අල්ලා ගස් බැඳ පොලිසියට හාර ඇත.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ගාමිණී වික්‍රමසිංහ, සැරයන් චන්දිමා (1536) හා සැරයන් අබේසිංහ (31777) මහත්වරු පරීක්ෂණ සිදු කරති.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු