ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා අද (7) දිනයේ කොළඹ නගරයට ඇතුළු වන හා නගරයෙන් පිටවන වාහන සඳහා විකල්ප මාර්ග හදුන්වාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම එම රථ වාහන සැලැස්ම මෙසේය.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය - පෙරවරු 06.00 සිට, ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ හංදිය දක්වා කොළඹ දෙසින් වාහන පිටවීම නතර කරනු ලබයි. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළුවන

වාහන සඳහා එලෙස ඇතුළුවීමට හැකියාව ඇත. එම මාර්ගයේ (ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය) කොළඹට ඇතුළුවීම සඳහා තිබෙන මංතීරු තුනෙන් මාර්ගය මැද්දට වන්නට තිබෙන මංතීරු දෙක එලෙස කොළඹට ඇතුළුවන වාහන සඳහා වෙන් කර ඇත.
කොළඹට ඇතුළු වන විට වම්පසින්ම තිබෙන මංතීරුව පක්ෂ ආධාරකරුවන් පැමිණෙන වාහනවලට ගමන් කිරීම සඳහා ලබා දී ඇත. එලස ගමන් කරන ආධාරකරුවන්ගේ වාහන අතුරින් සැහැල්ලු වාහන ජනාධිපති විද්‍යාල ක්‍රීඩා පිටිය වෙතත්. ආධාරකරුවන් පැමිනෙණ බස් රථ ලේක් ඩ්‍රයිව් වෙතත් යොමු කරනු ලබයි. මෙම ශ්‍රී ඡයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවීමට තිබෙන
කොටස (එය මංතීරු තුනකින් සමන්විතය) ආධාරකරුවන්ට රැඳී සිටීම සඳහා වෙන් කර ඇත. වැලිකඩ හංදියේ සිට ආයුර්වේද වටරවුම දක්වා කොටසේ වාහන කොළඹ දෙසට ඇතුළු වීම නතර කරනු ලබයි. මෙම
කොළඹින් පිටවන වාහන සඳහා පරණ කෝට්ටේ පාරේ වම් පස මංතීරු දෙකම විවෘතව ඇත. එම මාර්ගයේ (පරණ කෝට්ටේ පාර) කොළඹට ඇතුළු වත කොටසේ මංතීරු දෙකම ආධාරකරුවන්ට රැඳී සිටිමට වෙන් කර ඇත. මෙම පරණ කොට්ටේ පාරේ කොළඹින් පිටවන මංතීරු ඔස්සේ ගමන් කරන ආධාරකරුවන් පැමිණෙන සැහැල්ලු වාහන සඳහා පහත පරිදි රථ ගාල් තුනක් වෙන් කර ඇත. ඉම්පාලා රථ ගාල, හමීඩියා රථ ගාල, ක්‍රිස්තියානි පල්ලිය රථ හාල.. පරණ කෝට්ටේ පාරෙන් පැමිණත ආධාරකරුවන්ගේ බස් රථ සඳහා පහත පරිදි රථ ගාල් තුනක් වෙන් කර ඇත. දියත උයන රථ ගාල. චන්ද්‍ර සිල්වා මාවත, නාවල උද්‍යාන පාර.
ආධාරකරුවන්ට රැඳී සිටීම සඳහා පහත පරිදි ස්ථාන පහක් වෙන් කර ඇත.
පරණ කෝට්ටේ පාරේ ඔබේසේකර හන්දියේ සිට සරණ මාවතට හැරෙන හංදිය දක්වා කොළඹට ඇතුළුවන මාර්ග කොටස. පරණ කෝට්ටේ පාරේම සරණ මාවතට හැරත හංදියේ සිළු කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැරෙන හංදිය දක්වා කොළඹට ඇතුළුවන මාර්ග කොටස.
ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ලේක් ඩ්‍රයිව් හංදියේ සිට සරණ මාවතට හැරෙන හංදිය දක්වා කොළඹින් පිටවන මාර්ග කොටස
ශ්‍රී ඡයවර්ධනපුර මාර්ගයේම සරණ මාර්ගයට හැරෙන හංදියේ සිට වික්ටෝරියා වැඩිහිටි නිවාසය දක්වා කොළඹින් පිටවන මාර්ග කොටස, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරු මාර්ගය
මේ එක් එක් ස්ථානයේ රැඳී සිටිමට අවසර ලැබෙන්නේ කුමන පක්ෂවල ආධාරකරුවන්ටද යන කාරණය පක්ෂ නියෝජිතයින් සමග සිදු කරන සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිතයි.එමෙන්ම
මෙම එක් එක් ස්ථානයට ඇතුළත් කරන සියලුම ආධාරකරුවන්චි සෝදිසි කිරීමකටද ලක් කෙරෙන අතර එම සෝදිසි කිරීම් සඳහා සෝදිසි කපොලු 10 ක් ස්ථාපිත කර ඒ සඳහා නිලධාරින් යෙදවීමට නියමිතය.
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරු මාර්ගයේ රැඳී සිටීමට පැමිණන ආධාරකරුවන් වාහන නතර කර තැබීම සඳහා වැලිකඩ ජලාසා රථ ගාලල සහ ඡනජව සිටි රථගාල වෙන් කර ඇත. එම රථවාහන සැලැස්ම ඔක්තෝබර් 07 වැනි සඳුදා පෙරවරු 6.00 සිට ආරම්භ කිරීමට නියමිතය. එදින මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කිරීම වැදගත් වේ. එමෙන්ම බස් රථ හැරුණු විට අනෙකුත් සියලුම බර වාහන අනිවාර්යයෙන්ම විකල්ප මාර්ග භාවිතා කළ යුතුය.
මෙහිදී භාවිතා කළ හැකි විකල්ප මාර්ග කිහිපයක් පහත පරිදි වේ.
කඩුවෙල සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහන කඩුවෙලින් වැල්ලම්පිටිය පාර ඔස්සේ ඔරුගොඩවත්ත දෙසින් බේස්ලයින් පාරට ගමන් කර බොරැල්ල දෙසට ගමන් කළ හැකිය. මාලබේ දෙස සිට පැමිණෙන වාහන මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත, අඹතලේ හරහා වැල්ලම්පිටිය ඔස්සේ ඔරුගොඩවත්තට හෝ දෙමටගොඩට පිවිස ගමන් කළ හැකිය.
එමෙන්ම තලංගම දෙසින් පැමිණෙන වාහන තලංගම කොස්වත්ත හංදියෙන් දකුණට ඇති අඹගසහංදිය හරහා අයි.ඩී.එච්. කොළොන්නාව හරහා බේස්ලයින් පාරට ගමන් කළ හැකිය. එමෙන්ම තලංගම දෙසින් පැමිණෙන වාහන කොස්වත්ත හංදියෙන් ඩෙන්සිල් කොබෑකඩුව මාර්ගයේ කියැන්හැම් වටරවුමෙන් කිඹුලාවල හංදිය, මාදිවල පාර, පිටකෝට් පාගොඩ හරහා නුගේගොඩට පැමිණි හයිලෙවල් මාහය ඔස්සේ ගමන් කළ හැකිය. මෙම
සැහැල්ලු වාහන හැකිතාක් දුරට කොළඹට පැමිණිමේදී මෙන්ම කොළඹින් පිටවීමෙදී ද මෙම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිනු ලබයි. බස් රථ හැර අනෙකුත් බර වාහන මෙම ප්‍රදේශයට ඇතුළු නොකරන බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීම අනිවාර්යෙ වේ.