රෙක ගුරුවරයකු තවත් වරෙක පොලිස් නිලධාරියකු මෙන්ම හා හෝටල් සේවකයකු ලෙස අගවා මිනිසුන් මුළා කොට ඔවුන් සතු රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සොරාගත් පුද්ගලයකු පිටකොටුව බස් නැවතුමේ දී
ඉකුත්ඳා (27) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

එම පුද්ගලයා එලෙස කොල්ලකන ලද රන්මාල දෙකක්, රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා ඔරලෝසු. මුද්දක් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී කෑගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුට අයත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රාජකාරී හැඳුනුම්පත එම නිලධාරියාගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීම් හැඳුනුම්පත හා කාන්තාවකට අයත් හැඳුනුම්පතක් සොයා ගත් බව පොලිසිය කියයි.

වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකුට

මිටී සති කිහිපයකට ඉහත දී අහම්බෙන් මෙම පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහු ඒ වන විට හඳුන්වා දී ඇත් තමා සංචාරක මග පෙන්වන්නකු ලෙස බව පොලිසිය කියයි.

චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට දස්කම් දක්වන පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයාට පවසා ඇත්තේ ඔහු කාලයක් ඉග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ බවය. පාසල් යන දරුවන් සිටී නම් ඉංග්‍රීසි ඉගැන්වීමට හැකි බවය.

මෙම සැකකරුගේ කතා විලාසයට රැවටුණ එම පුද්ගලයා මෙම සැකකරු නිවසට ගෙන්වා දරුවන් දෙදෙනා ඒ සඳහා ද යොමුකර ඇතැයි ද පොලිසිය කියයි.

සති තුනක් පමණ තම දරුවන්ට ඉංග්‍රීසි කියා දීමට පැමිණි ගුරුවරයා පිළිබඳ කිසිදු තොරතුරක් නොවූ බවත් නිවස් හිමියාට ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

හදිසි අවශ්‍යතාවක් ඇති වී නිවසේ අල්මාරියේ තබා තිබූ රන් භාණ්ඩ සොයා බැලියම් දි එම රන් භාණ්ඩ නොමැති බව දැකීමෙන් දැඩි කලබලයට පත් නිවෙස් හිමියා තම දරු දෙදෙනාගෙන් ද ඒ පිළිබඳ විමසීමේ දී දිනක් ගුරුවරයා තමන්ට ඉංග්‍රීසි පාඩමක් පවරා නිවස තුළට ගිය බවත් පවසා තිබූ බව පොලිසිය කියයි.

පසුව ඒ සම්බන්ධයෙන් වාද්දුව පොලිසියට ඔහු විසින් පැමිණිල්ලක් ද කර තිබූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වාද්දූව පොලිසියට ලද පැමිණිල්ල අනුව කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් පරික්ෂණ පවත්වා සැකකරු පිටකොටුව බස් නැවතුම් පොළේ දී අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේ දි මේ ආකාරයෙන්

සිදුකළ තවත් සොරකම් කිහිපයක් පිළිබඳව ද තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකරු මීට මාස තුන හතරකට පමණ ඉහත දි මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස්වරයකුව සිටිය දි නවාතැන් ගෙන සිටි කාමරයට යාබද බෝඩිං කාමර දෙකකට ඇතුළු වී සිඳුකළ සොරකම් දෙකක් සම්බින්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙම සැකකරුට එරහිව මහියංගණය අධිකරණයේ වරෙන්තු පවා නිකුත් කර තිබූ බව පවසන පොලිසිය ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක සොරකම් සමිබින්ධ නඩු ගණනාවක් ඇතකු බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි.
වසර කිහිපයක් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරු ඉකුත් ජනවාරි මාසයේ ඇප මත නිදහස් පැමිණි අයයක් බව ද විමර්ශනවල දි හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 40 සැකකරු රංගම පදිංචිකරුවෙකි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන් උපදෙස් මත කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීම් ඒකකය ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිලංග සංජීව, උපපොලිස් පරික්ෂක ඉන්දික, පොලිස් සැරයන් 37109 රත්නායක, 27118 සමින් කුමාරසිරි පොලිස් කොස්තාපල් 44817 ගුණවර්ධන ජයරත්න සරත් ප්‍රියන්ත සම්පත් මහත්වරු පරීක්‍ෂණ පවත්වති.


(බණ්ඩාරගම විමල් ශ්‍යාමන් ජයසිංහ)