ශ්‍රීලනිපය සහ ‌පොහොට්ටුව ඊයේ(10) දිනයේදී සන්ධානගත වීම සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ගේ ‌වෙනම රැස්වීමක් පැවැත්වූ බව වාර්තාවන අතර ඊට කිසිදු පූර්ව දැනුම් දීමකින්
‌තොරව ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේනද සහභාගී වී ඇති බව දැනගන්නට ලැබේ.
 පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා සමග කළ ‌‌කෙටි අදහස් හුවමාරුවකින් පසු සියලු ‌දෙනාටම ප්‍රකාශ ‌කොට ඇත්තේ ජනාධිපතිවරයා තව සුලු ‌මොහොතකින් ආසන සංවිධායකවරුන් ඇමතීමට සූදානමින් සිටිනවා යන්නය.
නමුත් ස්වල්ප ‌මොහොතක් එසේ සභාවේ අසුන් ‌ගෙන සිට ඇති ජනාධිපතිවරයා  කිසිදු කතාවක්ද ‌නොකර සභාවෙන් පිටව ‌ගොස් ඇත්තේ කිසිවෙකුට නොකියාය.
සියලු ‌දෙනා සිතා ඇත්තේ ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් සමග එක්ව දිවා ආහාරය ලබා ගැනීමට යන්නට ඇති බවකි. නමුත්
පසුව ‌සොයා බලද්දී ජනාධීපතිවරයා ‌එම ස්ථානයෙන් පිටව ‌ගොස් ඇති බව සියලු ‌දෙනාටම දැකගන්නට ලැබී ඇත.