https://www.gossiplankanews.com/2019/10/maithri-tree.html
ද (6) ජනපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීමට ශ්‍රීලනිපය කටයුතු කරනු ඇතිද නැද්ද යන්න ගැන රටේ දේශපාලන උනන්දුව ඇති අය හා ශ්‍රීලනිප පාක්ෂිකයින් උනන්දුවෙන් සිටි අතර
ශ්‍රීලනිපය එසේ කළේ නැත.
පක්ෂයේ තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන අද 11 ට දන්වන බව කියා සිටියත් එසේ කරන්නේ නැතිව සිය සගයන්ට දන්වා සිටියේ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කරන ලෙසයි.
මේ අතරවාරයේ ආරංචි පළව ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය පොහොට්ටුවට එක්වීම ස්ථිර කර ඇති බවකි.

ඔහු ඉදිරියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් යටතේ පරිසර හෝ මහවැලි ඇමති ධූරයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බවට තහවුරු නොවූ දේශපාලන ආරංචිද වාර්තා කර තිබේ.
මේ සියල්ල සිදුවෙද්දී අද උදෑසන කිසිදු කලබලයකින් තොරව ඔහු සිය රාජකාරී කටයුතු සිදු කරමින් සිටි බව වාර්තාවේ.
“මගෙන් ගසක් මිහිතලයට” වැඩසටහන සමග ජනපතිවරයා පැලයක් රෝපණය කරමින් එක්ව ඇත්තේ නිල නිවසේ සිටියදීය.
 “මගෙන් ගසක් මිහිතලයට” ජාතික වැඩසටහන “මනුසත් දෙරණ” ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මකය.