ජනාධිපතිවරණය අවසන් වූ වහා මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සක්‍රීය දේශපාලනයේ තවදුරටත් යෙදීමට ඉඩ ඇති බව වාර්තා වේ.ජනාධිපතිවරණය අවසන් වූ පසු දේශපාලනයෙන් විශ්‍රාම නොගොස් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේත්තුවට පැමිණ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ නායකයා ලෙස සක්‍රීය දේශපාලනයේ යෙදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේවය තවදුරටත් අතවශ්‍ය බව පෙන්වා
දුන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලීම කර ඇත. එළඹෙන මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී සැලකිය යුතු මන්ත්‍රී ආසන ගණනක් දිනා ගැනීම ශ්‍රීලනිපය ජෙෂ්ඨයින්ගේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙකු යටතේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේත්තු නියෝගයක් හා සුදුසු කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී සුදුසු තනතුරක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයද අකැමැත්තක් නොදක්වා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර පැවැති සාකච්ඡා වාරවලදී අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.  එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් දැනට සන්ධාන ජාතික ලෑයිස්තුවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවද වැඩිදුරටත් වැඩිදුරටත් වාර්තා වේ.

-දුමින්ද සංජීව බාලසුරිය-