ජනපතිවරණ නාමයෝජනා ලබාදීමට ප්‍රථම 9-9.30 හා භාරදීමෙන් පසු 11-11.30 අතර වේලාවේ
විරෝධතා දක්වන්නට
අවස්ථාව දී තිබුණි.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විසින් අද දිනයේ නාම යෝජනා භාර දුන් 35 දෙනාගේම නම් පිළිගත් බවත් 2 නෙකුට විරෝධතාව ආවත් ඒවා පනතේ විධිවිධාන අනුව සම්බන්ධයක් නැති නිසා ප්‍රතික්ෂේප කළ බවත් දන්වා සිටියේය.
එම විරෝධතා 2 ආවේ කාටදැයි හෙළි කර සිටියේ නැත.
ඒ අනුව ඇතැම් අය විමසිල්ලෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට තරගවැදීමට බාධාවක් පැන නොනැගියේය.