ඌව පළාත් සුන්දරත්වය වනසන ආකාරයෙන් තැන් තැන්වල කසළ බැහැර කරන පුද්ගලයන්ට  අධිකරණයෙන් නියම කරන රුපියල් 2000ක දඩය 50,000 දක්වා වැඩි කිරිම් පියවර ගෙන තිබෙන බව ඌව
පළාත් ආණ්ඩුකාරවර ඡනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඊට අදාළ ප්‍රඥාප්තියක් ඌව පළාත්
සභාව මගින් සම්මත කර තිබෙන බවත් එම ප්‍රඥප්තියට අනුව 50,000ක දඩය ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ඌව පළාතේ කසළ කළමනාකරණය හා සුන්දරත්වය දියුණු කිරීම සඳහා ගෙන යන 'ක්ලින් ඌව' පළාතේ දැනට තියෙන නීතිය අනුව රුපියල් 5000ක දඩයක් තමයි අවිධිමත් කසළ බැහැර කිරීම්වලට දණ්ඩනයක් වශයෙන් නියම වෙන්නේ . නමුත් පළාත් සභාව විසින් ප්‍රඥාප්තියක් සම්මත කරගෙන තියෙනවා ඒ දඩය 50,000ක් දක්වා වැඩි කරන්න. ඌව පළාතේ කසළ බැහැර කරනවා නම් 50,000 දඩයක් ගෙවන්න සිදුවනවා කියල හොඳට මතක තියාගත්ත.

තමා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දීල තියෙනවා කසළ බැහැර කිරීම්, ගංගා ඇතුළු ජලපෝෂක ස්ථානවලට කසළ විසිකර  අපවිත්‍ර කිරීම වගේ අවිධිමත් ක්‍රියා සිදු කරන සියලුම දෙනාට කිසිදු තරාතිරම නොබලා නීතිමය පියවර ගන්න කියලා. මෙම නීතිය නොවැම්බරයේ සිට අකුරටම ක්‍රියාත්මක වනු ඇතැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.