ජනාධිපති අපේක්ෂකයකු සිය දේශපාලන කටයුතු සඳහා ආගමික ස්ථාන යොදා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවකු වුවහොත් ඔහුගේ තේරීපත් වීම අවලංගු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව
ජනාධිපතිවරණයේ යෙදු අපේක්ෂකයකු ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සෘජ්ව හෝ වක්‍රව හෝ පන්සල්, පල්ලි, දේවස්ථාන හා කෝවිල් ආදිය යොදා ගැනීම සපුරා තහනම් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

තව ද ආගමික ස්ථානවල සිදු කරන බෝධි පූජා, දේව මෙහෙය, දානමය පින්කම්, ජුම්මා යාඥාව, බණ දේශනා හා වෙනත් ආගමික වැඩසටහන් අතරමග කිසියම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත් කිරිම තහනම් බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.




-රංජන් කස්තුරි-