https://www.gossiplankanews.com/2019/10/kadinal-ranjith-gota-sajith-no.html#more
නාධිපති ධුර අපේක්ෂකයන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇත.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය

සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විධිමත්ව සිදුනොවන බව පවසමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති ධුර අපේක්ෂකයන් හමුවීමට තම සූදානමක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් කළ ඉල්ලීම් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් විමසීමකදී මේ බව තහවුරු කළේය.

මේ අතර මැතිවරණ කාලසීමාව තුළදී දිවයින පුරා දේවස්ථානවලට පූර්ණ ආරක්ෂාව ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

උදයජීව ඒකනායක