යාපනයේ නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයේදී එම ගුවන් තොටුපළ පුවරුව
සම්බන්ධයෙන් පසුගිය දිනවල කථාබහක් පැතිර ගියේ සිංහල භාෂාවට දෙවැනි තැන දී ඇති බවකි.

මෙය ශ්‍රී ලංකාවේ මහජාතිය නිගාවට ලක්කරන්නක් බවත් කියැවිණි.
කෙසේ වෙතත් දැනට දිගු කාලයක සිටම යාපනයේ ප්‍රසිද්ධ රජයේ ආයතන ආදියෙහි දෙමළ බසට මුල්තැනදී ඇති බව සමාජ ජාලා වෙත ඡායාරූප ඉදිරිපත් කරමින් එම යාපන වැසියන් තර්ක කර තිබේ.
දෙමළ නොවන ජනගහණය සුළුතරයක් වීම නිසා වැඩිදෙනෙකුගේ පහසුව පිණිස මේ ආකාරයට නම් කර තිබෙන බව ඔවුනගේ තර්කයයි.