https://www.gossiplankanews.com/2019/10/helicopter-sajith-kurunegala.html
යේ සවස කුරුණෑගලදී පවත්වන්නට යෙදුණු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසද සහභාගීවන  බව දන්වා තිබූ ජනරැළියට විරුද්ධ දේශපාලන පක්ෂයට අයත් නගර සභාව මගින් ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සජිත් පැමිණි බව කියන හෙලිකොප්ටරය වෙලගෙදර ක්‍රීඩාපිටියට බස්සවන්නට බැරිව රැළිය අතැර යන්නට සිදුවූ බව වාර්තාවේ.
රැස්වීම පවත්වා තිබී ඇත්තේ
කුරුණෑගල රෝහල හන්දිය ආසන්න ක්‍රීඩා පිටියේ වන අතර එය පැවැත්වෙමින් යන අතරවාරයේ සන්ධ්‍යා කාලයේ  කළුවර වැටෙන වේලාවේ සජිත් පැමිණෙන බව දන්වා තිබී ඇත. සජිත් පැමිණි හෙළිකොප්ටරය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේ බස්සවන්නට යෙදී තිබුණ වේලාවට ටික

වේලාවක් පෙර සිටම වෙලගෙදර පිටියේ හා ආසන්න කලාපයේ විදුලි බලය විසන්ධි කර තිබී ඇත.
මේ හේතුවෙන් හෙලිකොප්ටර නියමුවාට ගොඩබස්වන ස්ථානය හරිහැටි නිශ්චය කරගන්නට බාධා ඇති කර තිබේ.හෙලිකොප්රය සජිත්ව රැගෙන පිටියට ඉහළ අහසේ එහාට මෙහාට කිහිප විටක් ගමන් කර ස්ථාන නිශ්චය අපහසු නිසා ගොඩබෑමේ අවදානමකට නොයා නැවත හැරී ගිය බව වාර්තාවේ.
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයාට ඊයේ කුරුණෑගල රැළිය අමතන්නට අවස්ථාව මගහැරී ගොස් තිබෙන අතර රැළියට ඔහුට එන්නට බැරිවූයේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව නිසා බව රාජ්‍ය අමාත්‍ය අශොක අබේසිංහ රැස්ව සිටි අයට දන්වා තිබේ.
මේ අතර නි.ඇමති අජිත් පී පෙරේරා දන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රැළියට එන්නට බැරිවන ලෙස හිතාමතාම වෙලගෙදර පිටියේ විදුලිය විසන්ධි කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නගර සභා නිලධාරීන් බවයි.
කුරුණෑගල නගර සභාවේ බලය හිමි නගරාධිපති ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම් වරයෙකි.