ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී අද (9) පැවැත්වූ පළමු මහජන රැළියට ශ්‍රීලනිපයේ සංවිධායක දුමින්ද දිසානායක හා ශ්‍රීලනිපයේ
මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක එක්විය.

අද දහවල් ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ නිවසට ගොස් ඔහු හා සාමීචියේ යෙදුණි.
අද දින රැළිය අතරතුර ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රීලනිප අතර සහයෝගීතාව පිළිබද ප්‍රකාශනයක් දුමින්ද දිසානායක විසින් සභාගත කරන බවත් හෙට මෙම පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමකින් සන්ධාන ගතවන බවත් ප්‍රසිද්ධවී ඇත.
කෙසේ වෙතත් මෙවර ජනපතිවරණයේදී සලකුණු වෙනසකින් තොරව ශ්‍රීලනිප පාක්ෂිකයින්ටත් පොහොට්ටුව ලකුණටම ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඇති බවත් පසු මැතිවරණවලදී පුටුව ලකුණට මාරු වන බවත් දන්වා ඇත.