ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) දහවල් සිංගප්පුරුව
බලා පිටත්ව ගොස් ඇත.
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් හිදී රාජපක්ෂ මහතාට මින් පෙර සිදු කළ ස්ටේන්ට් සැත්කමට සම්බන්ධ වැඩිදුර පරීක්ෂාකිරීම් සිදුකරන්නට නියමිත බවට ආරංචි ලැබී තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමාට සිංගප්පූරුවට යන්නට අවශ්‍ය බවට ඔහුට පසුගිය දිනෙක අධිකරණය අවසරය ලැබුණ අතර ඔහුගේ ගුවන් ප්‍රවේශ පත්‍රය ඒ අනුව අධිකරණ භාරයෙන් නිදහස් කෙරිණි. ඔහු අද ගමන් කළේ එම අවසරය මගිනි.
 ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා ඇති අතර නැවත ඔහුගේ ඉදිරි නඩු සදහා පෙනී සිටීමටත් ජනපතිවරණයේ කටයුතු සදහාත් පැමිණෙනු ඇත.