මුස්ලිම් ප්‍රජාව පිළිබඳව තමා විසින් සිදුකළ ප්‍රකාශයකින් පිවිතුරු හෙළ උරුමය පක්ශයේ ප්‍රතිරූපයට හානියක් සිදුවන බැවින් තමන් පක්ෂයේ නියෝජ්‍ය නායක, මධ්‍යම කාරක සභික ඇතුළු පක්ෂයේ සියලුම තනතුරුවලින්
ඉල්ලා අස්වූ බව
මධු මාධව අරවින්ද මහතා පවසයි.පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා, එම පක්ෂයේ ඔහු දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීම පිළිබඳ සිය පක්ෂය දැනුවත් කරමින් පෙරේදා (08දා) නිකුත් කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි මෙසේ පවසා ඇත.

තමා විසින් සිදුකළ එම ප්‍රකාශය පිළිබඳ එදින (08දා රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කරමින්, එකී ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව තමන් කනගාටු වන අතර, ඒ පිළිබඳ සමාව අයද සිටින බවද මධු මාධව අරවින්ද මහතා එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 මේ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගමිමන්පිල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මෙම කරුණු සනාථ කළේය.