https://www.gossiplankanews.com/2019/10/gampola-teachers-death.html
ම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියගේ මරණය  සිදුවූ ආකාරය ගැන පරීක්ෂණ පවත්වන පොලිසියට මුලින් ආ සැකය වූයේ ඇයව පැරණි පෙම්වතා විසින් ඝාතනය කරනු ලැබ ගඟට විසි කළේද යන්නය.
කෙසේ වෙතත් ඇගේ සිරුර හමුවීමෙන් පසු පොලිසිය අරඹා තිබෙන පුළුල් පරීක්ෂණ වලදී මෙම මරණය වැසි සහිත දිනයේ ඇය පැති කාණුවකට වැටී
ඇළකට ගසාගෙන යාමෙන් සිදුවූවක්ද යන්න ගැන සැකයක් පහළවී ඇත.
වැසි සහිත ඔක්තෝබර් 1 වනදා සවස නිවසට මීටර සියයක් එපිටින් වූ උපකාරක පන්තියේ සීසීටීවී වලට ඇයගේ අවසන් රූපරාමු හසුවූවද ඇය නිවසට ඉතා ආසන්නයේදී අතුරුදන් විය.

ඇය කාණුවකට වැටුණෙද යන සැකය පහළවන්නට වඩාත් ආසන්න හේතුව වී ඇත්තේ

ඇයගේ අතුරුදන්වීම සිදුවූ නිවස සහ උපකාරක පන්තිය අතර ප්‍රදේශයේ අනාරක්ෂිත පැති කාණු කිහිපයක් දක්නට ලැබීමත් පසුගිය සතියේත් එම කාණුවකට වැටුණ අයෙකු අනූනමයෙන් ජීවිතය බේරාගැනීමත් නිසා බව කියැවේ.

කීරපන ප්‍රදේශයේ රන්මල්කඩුව මාර්ගයට යාමට ඇති කෙටි මාර්ගය වන මෙම ස්ථානය දැඩි අවදානම් මාර්ගයක් වන අතර මාර්ගයේ කෙටි දුරක් යනතුරු මෙහි ඇති කාණුවට කොන්ක්‍රීට් ලෑලි අතුරා ඇත. ඇතැම් තැන්වල හිදැස්ද පවතී.
කොන්ක්‍රීට් ලෑලී ආවරණ වලින් පසු කොටසේ ඇත්තේ විවෘත කාණුවක් බවත් වර්ෂාව අවස්ථාවල ජලය මාර්ගය උතුරා ගමන් කරන නිසා කොන්ක්‍රීට් ලෑලි සොයමින් අවදානමින් යුතුව එම ස්තානය පසුකිරීමට ගම් වැසියන්ට සිදුවන බව පැවසේ.

මෙම ස්ථානයෙන් පසුගිය 3 වනදින සවස ගමන් ගත් කීරපන ප්‍රදේශයේ පදිංචි මීනා ලෝගිනි නමැත්තියද  මෙම ඇළ මාර්ගයට වැටී බේරී ඇත්තේ අනූ නවයෙනි. ඇය වැඩ ඇරී වැටුප් මුදල්ද රැගෙන නිවසට යමින් සිටියදී කානුවක් හරහා ගොස් ඇය ඇළ තුළට වැටී විනාඩි 10 ක් පමණ පොර බදා ඇළෙන් උඩට ආ බව පවසා ඇත. ඒ අවස්ථාවේ ඇගේ වැටුප් මුදල, ජංගම දුරකථනය හා හැඳුනුම්පත අඩංගු බෑගයද ඇළේ ගසාගෙන ගොස් ඇත.මෙම ිසදුවීම වාර්තාවී ඇත්තේ නිසංසලා අතුරුදන් වූ ස්ථානයේදීමය.

නිසංසලා නිවසට ගමන් ගත් මාර්ගයේ ඇති පැති කානුවට වැටී ගසාගෙන යන්නට ඇතැයි යන සැකය මත ඊයේ පෙරවරුවේ ගම්පොළ අපරාධ අංශ නිලධාරින් හා සොකෝ නිලධාරින් ඇය එම ඇළට වැටෙන්නට ඇතැයි සැක කරන ස්ථානය පරීක්ෂා කරනු ලැබීය.

වික්ටෝරියා ජලාශයෙන් සොයා ගත් ගම්පොළ පාසල් ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිවසුබ්‍රමනියන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.
සිරුර බෙහෙවින් නරක් වී තිබීම හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානිවී තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබිණ.
මියගිය ගුරුවරියගේ අවසන් කටයුතු ගම්පොළ පොදු සුසාන භූමියේදී ඊයේ (9වැනිදා) සිදුකරන ලදී.