ඖෂධීය නාමය වෙනුවට වෙළඳ නාමයෙන් ඖෂධ වට්ටෝරුවක් නිකුත් කිරිමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛදවරයා රුපියල් ලක්ෂ 02 ක ඇප මත මුදාහරින්නැයි ගම්පහ
අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය. ගම්පහ, මේරිබිසෝ පාරේ පිහිටි පෞද්ගලික රෝහලකදී දිවුලපිටිය,
මිල්කාසල්වත්තේ පදිංචි ගැබිනි කාන්තාවක ලබාගන් ප්‍රතිකාරවලට අදාළව ඉහත චෝදනා සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන්ත පෙරියප්පෙරුම මහතාට විරුද්ධව නඩු පවරනු ලැබ තිබු අතර සිතාසියක් මත අධිකරණයේ පෙනී සිටි විශේෂඥ වෛද්‍යවරයාට මෙසේ ඇප නියම කෙරුණි.

ඖෂධ වට්ටෝරුවේ සඳහන් ඖෂධය වෙනුවට වෙනත් ඖෂධයක් විකිණීම, ඖෂධවේදියකුගේ සෘජු අධික්ෂණය යටතේ ඖෂධ නිකුත් නොකිරිම හා සේවයේ යොදවනු ලැබූ ඖෂධවේදියා වශයෙන් වගකීම පැහැර හැරිම ලෙස වෙන් වෙන් වශයෙන් ගොණුකර තිබූ චෝදනා වෙනුවෙන් අධිකරණය  හමුවේ පෙනී සිටි සෙත්මා  පෞද්ගලික රෝහලේ ඖෂධ ශාලා සහායිකාව වූ සචිනි ශ්‍රිමාලි දන්තනාරායන, ප්‍රධාන ඖෂධවේදි දිල්රුහාණි ලියනගේ සහ සෙත්මා හොස්පිටල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් වෙනුවෙන් පෙනිසිටි සාමාජිකාවක ඇතුළු සැකකාරියන් තිදෙනාටන් එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.