චීනයේ කිසියම් හෝ පළාතක් බදා වෙන් කිරීම සඳහා උත්සාහ කරන ශාලාව ඕනෑම අයකුගේ ඇට කටු අනිවාර්යයෙන්ම කුඩු වෙන බව චීන ජනපති ෂී ජින්පිං  පවසයි. එසේම කුඩු වූ එම ඇට කටු පොළොවේ පස් වෙනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවා තිබිණි. සිය ඉන්දීය සහ නේපාල සංචාර අවසන් කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් චීන ජනපතිවරයා

මේ බව සඳහන් කරන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
"කවුරුන් හෝ චීනයේ යම් පළාතක් එහි පාලනයෙන් ඉවත් කරන්න උත්සාහ කළොත්, එය
ඔවුන්ට දරුණු හානියක් වේවි. ඔවුන්ගේ සිරුරු දරුණු ලෙස තලා දමා ඇට කටු කුඩුවී පොළොවට වැටේවි."
චීන ජනපතිවරයා පැවසූ බව අමාත්‍යාංශය කියා සිටියි.
විශේශයෙන්ම චීන පාලනය යටතේ පවතින හොංකොං නුවර තවමත් නොවිසදී ඇති ගැටලුකාරී තත්වය පිළිම තායිවානයද චීන පාටූනයට එරෙහිව සිදු කරන අදහස් දැක්වීම් පිළිබදව සඳහන් කරමින් චීන ජනපතිවරයා මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට ඇතැයි විදෙස් මාධ්‍යවල සහන් කරයි. හොංකොං නුවර මෙම ගැටුම්කාරි තත්ත්වය පසුගිය ඉරිදා දිනයේදීත් ක්‍රියාත්මක විය. අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා චීනය ඉතාමත් නුදුරේදී සිය හමුදා යොඳවනු ඇති බවටද අදහස් ඉදිරිපත්ව ඇත, එසේම 2016 වසරේ සිට තායිවානයත් චීනයත් සමග අර්බුද ඇති කරගෙන සිටින අතර, වත්මන් තායිවානෙ රජයද ඇතුළත්ව 'එක් චීනයක්' යන සංකල්පය පිළිගැනීමට අකමැත්ත පළ කර සිටියි.  ඊට අමතරව චීනයේ පිහිටි ජින්ජිආන්ග් පළාත තුළ වෙසෙන උයිගුර් මුස්ලිම් සුළුතරය ඉලක්ක කරගනිමින් චීනය මානව හිමිකම් කඩ කිරීමක් සිදුකරන බව චෝදනාවක් පවතී.

 ම‍ෙම කරණු මුලික කරගනිමින් චීනයේ සමාගම් කිහිපයක් විත් කලින් සහ ගනුදෙනු තහනම් කිරීමටද එක්සත් ජනපද බලධාරින් පසුගියදා පියවර ගත්හ,කෙසේ වෙතත් සිය අදහස් දැක්වීමේදී චීන ජනපතිවරයා තමන් ලබාදීමට උත්සාහ කරන කිසිදු පළාතක් හෝ රාජ්‍යයක් නමින් සදහන් කර නැත.හොංකොං නුවර සහ තායිවානය තුළ ඇති වී තිබුන මෙ‍ෙ තත්ත්වය සඳහා මූලිකවම බටහිර රාජ්‍යයන් සහ සංවිධානවල "බාහිර බලවේග' හේතු වී ඇති බවට චීනය චෝදනා කර සිටියි. එසේම ෂින්ජිආන්ග් පළාතේ  පවත්වාගෙන යන්නේ පුනරුත්ථාපන කඳවුරක් පමණක් බවට චීනය ප්‍රකාශ කර තිබේ.