බණ්ඩාරගම අටුලුගමදී නීතීවිරෝධී  මත්පැන් වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු
ආයුධයකින් පහරදී ඇසිඩ් ගැසීට යෝජනා කළ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පසුගියදා  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් අනුව අටුලුගම ප්‍රධාන විදුහලක් අසල පාළුවට ගිය නිවසක් පිටුපස සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් දොළහමාරක් හා ගංජා මිටි දෙකක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

කෙසේ වෙතත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පලා යාමට කළ උත්සාහයකදී දැඩි පරිශ්‍රමයක් ද දරා රඳවාගෙන සිටින අතරතුර
පොලිස් නිලධාරින්ට පහරදීම සඳහා තියුණු ආයුධයක් හා ඇසිඩි රැගෙන එන ලෙස මෙම පුද්ගලයන් දෙදෙනා පවසා තිබූ බවද පොලීසිය පවසයි.

ඒම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අමතර පොලිස් කණ්ඩායමක් එවන ලෙස පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුව එම ස්ථානයට ක්ෂණිකව පැමිණි පොලිස් නිලධාරීන් එම පුද්ගලායගේ දෑතට මාංචු දමා අත්අඩංගුවට ගත් බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

සැකකරුවන්ගේ එම ක්‍රියා කලාපය අනුමත නොකළ එම ස්ථානයට රැස්වූ පිරීසන් කිහිපයේදශනෙකු ඒ බව දන්වා පොලීසිය වෙත දුරකථන ඇමතුම් පවා ලබා දී සහයෝගය ලබාදුන් බවද, අත්අඩංගුවට ගත් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු පොලිස් ඇප මත මුදා හැරිය බවත්, සෙසු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පැවසීය.

බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිකෂක කේ.ඩබ්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත උ.පො. පරික්ෂක මිහිලාර්, සැරයන් එදිරිසිංහ, සමිපත් යන මහත්වරු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ