ජනාධිවරණය සඳහා ශ්‍රි ලංකා කම්කරු පක්ෂය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඒ. එස්. පී. ලියනගේ වෙනුවෙන් එහි නියෝජිතයින් පිරිසක් පැමිණ අද ඇපමුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය ජනපතිවරණයේදී
මහින්ද දිනවීමට සහාය පළ කරන කතා පවත්වන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණ ඒඑස්පී ලියනගේ පසු කාලයේ මෛත්‍රී රජය යටතේ කටාර් රාජ්‍යයේ තානාපති ධූරයද  දැරුවේය.
ඔහු නැවතත් මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටී. ඔහුගේ පක්ෂයේ සභාපති තනතුර හා ලේකම් තනතුර දරන්නේ ඔහුගේ දියණියන් දෙදෙනාය.
ඒ අනුව මේ වනවිට ජනාධිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක අපේක්ෂකයින් සහ ස්වාධින කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 6 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත.