ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍යවලට මුහුණ නොදෙන ලෙස නීති උපදෙස් ලැබී තිබෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද
හෙළි කර සිටියේය.
ඔහු

පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනපති තරගයට පැමිණීම වළක්වාලීම ඉලක්කකර ඔහුට එරෙහිව දේශීය වශයෙන් නඩු කිහිපයක් ගොනු කර ඇති බැවින් ඒවා ගැන මාධ්‍ය අසන ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී නොමනා දෙයක් කියැවුණොත් එය නඩුවට බලපාන්නට ඉඩ තිබෙන බවට නීති උපදෙස් ලැබී ඇති බවත් ඒ උපදේශන මත මාධ්‍යයෙන් වැළකී සිටින බවයි.
ඔහුට හැකි තාක් දුරට මාධ්‍යයෙන් ඈත්ව සිටින ලෙසත් අධිකරණ නඩු වලට බලපාන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් දී ඇති බවද හෙළි කළේය.
රාජපක්ෂ මහතා හිතාමතාම මාධ්‍යයෙන් වැළකී සිටීමට උත්සාහ නොකරන බවත්, ඔහු මේවා හරිගිය පසු ඉක්මනින් මාධ්‍යයට මුහුණ දෙන බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යනු කවදත් මාධ්‍ය හිතකාමී පුද්ගලයෙකු බවය.