https://www.gossiplankanews.com/2019/10/75-old-mother-india.html
න්දියාවේ උතුරුදිග රාජස්තාන් ප්‍රාන්තයේ වාසය කරන 75 හැවිරිදි වයස්ගත කාන්තාවක පසුගිය දා ගැහැණු දරුවෙකු බිහි කළ බව වාර්තා වෙයි. එම දරු ප්‍රසූතිය අවස්ථාවේදී එම කාත්තාව එක් පෙනහල්ලකින් ජීවත්වීම
මෙහි ඇති විශේෂත්වය බව විදෙස් මාධ්‍ය පවසයි. මාස හයහමාරක ප්‍රසුති කාලයකින් පසුව එම කාන්තාව මෙම ළදැරිය බිහිකර ඇත.
ඒ අනුව මෙය අඩුබර දරු උපතක් ලෙස 

සටහන්ව ඇති අතර ළදැරියගේ උපත් බර ග්‍රෑම් 600කි. මෙම කාන්තාව සතුව එක් ක්‍රියාකාරී පෙනහැල්ලක් පමණක් පැවතීම නිසා ඇය වඩාත් දුර්වල තත්ත්වයට පත්වු බවත්, සිසේරියන්  සැත්කමක් හරහා දරුවා බිහි කළ බවත්
රෝහල් වෛද්‍යවරුන් පවසයි.  විවාහයෙන් පසුව තම දරුවෙකු සිනා සිටීම පිළිබඳව කනස්සල‍ෙන් සිටි එම කාත්තාව පසුගිය වසරේදී මෙලෙස IVF තාක්ෂණය හරහා දරුවෙකු බිහි කිරීමට තීරණය කර තිබුණි. ඊට පෙර ඇය සිය ඥාතියෙකුගේ පිරිමි දරුව‍ෙකු  දරුකමට හදා ගැනීමට ලබා ගෙන ඇති අතර, පසුව ඔහු විවාහ වුණු කාන්තාව (ඇගේ ලේලිය) ඇයට හිරිහැර කිරීම නිසා මෙලෙස තමන්ටම කියා දරුව‍ෙකු හෝ උපද්දවා ගැනීමට ඇය උත්සාහ කළ බව රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියි.
මේ අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදීද ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙහි වාසය කරන 73 හැවිරිදි වයස්ගත කාන්තාවකද මෙම IVF තාක්ෂණය හරහා දරුවෙකු පිළිසිද ගනිමින්, පසුව සිසේරීන් ක්‍රමයෙන් එම දරුවා බිහි කළාය. එම අවස්ථාවට අනුව ඉන්දියාව තුළ දරුවෙකු බිහි කළ වයස්ගතම කාත්තාව බවට ඇය වාර්තා අතරට එක් වූවාය. එහෙත් පසුගියදා දරු උපතක් සිදුකළ මෙම 75 හැවිරිදි කාන්තාවන් සමගම එම වාර්තාව ඇයට හිමිවීමට නියමිතව තිබේ.