ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්  කැදවීමේදී අයදුම්පත් පනස්අටදහස් හයසිය එකක්
(58,601ක්) ප්‍රතික්ෂේප වී තිබේ.
තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන් හත්ලක්‍ෂ දාහත්දහස් නවසිය දහඅටක් (7,17,918ක්)ඉල්ලුම් කර තිබු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම ප්‍රමාණයෙන් හය ලක්ෂ පනස්නව දාස් තුන්සිය දාහතක් (6,59,317ක්) පිළිගත් බවත්, අයදුමිපත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකින්ම වැනි හේතුන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුමිපත් ප්‍රතික්ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි. එසේම තැපැල් ඡන්ද ප්‍රතිකේෂ්ප වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවද එම කොමිසමේ නිලධාරියෙක් සදහන් කළේය.
 -එච්.අයි. කුමාර-