https://www.gossiplankanews.com/2019/10/39people-dea-england-truck.html
ළ සිරුරු 39 ක් සහිත කන්ටේනර ලොරියක් පසුගියදා එංගලන්තයේදී හමුවීම ලෝකය කම්පා කළ සිදුවීමක් විය. මෙම මළ සිරුරු කාගේද මියගියේ කෙසේද යන්න ගැන සිදු කරන පරීක්ෂණ මේ වනවිට කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මුලින් වාර්තාවූයේ මෙම මළසිරුරු චීන ජාතිකයින්ගේ විය හැකි බවයි. නමුත් මෙම සිරුරු වැඩිමණක් වියට්නාම ජාතිකයින්ගේ බව දැන් හඳුනාගෙන ඇත. යුරෝපය හරහා එංගලන්තයට හොර පාරෙන් ගොස් පදිංචි වීමට ගිය කණ්ඩායමක් මියයාමෙන් පසු
මෙම ලොරියට පටවා ඇති බව හෝ පැටවීමෙන් පසු මෙසේ මියගොස් ඇති බවට හඳුනාගන්නට ලැබී තිබේ.
මළ සිරුරු තිබුණ අධිශීත ගබඩාව සහිත ලොරිය ගමන් ආරම්භ කරනු ලැබ තිබෙන්නේ බෙල්ජියමෙනි.
මුහුදු මාවත ඔස්සේ එංගලන්තයට ඇතුල් වූ ලොරිය 'එසෙක්ස්' පළාතේ 'පර්ෆ්ලීට්'(Purfleet)නම් කුඩා නගරයේ කර්මාන්ත කලාපයක රථගාලක නතර කිරීමන් අනතුරුව එම මළසිරුරු හමුවිය.
අවශ්‍ය ලිපිලේඛන ගැනීම සඳහා ලොරියේ ගබඩා අංශයේ දොර විවෘත කිරීමේ දී මළසිරුරු දුටු බව රියැදුරු 'මෝ' නමැත්තා පවසා ඇති බව එංගලන්ත මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
මෙම කන්ටේනරය මුද්‍රා කළ අධිශීත කළ කන්ටේනරයක්

(sealed refrigerated trailer) වන අතර, එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 25 (-25C) තරම් අගයක් තිබී ඇත.
මෙම කන්ටේනරය එක්සත් රාජධානියට පැටවූ බෙල්ජියමේ සීස්බෘෘග් වරායේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ බෙල්ජියම් දේශසීමාවේදී මේ අන්දමින් කන්ටේනරයකට මිනිසුන් ගොඩවීම සිදුවූයේ යැයි විශ්වාස කළ නොහැකි බව ය.
කෙසේ නමුත් අවසානයේ සීස්බෘෘග් වරායේ සිට එක්සත් රාජධානියේ පර්ෆීට් වරායට මිනිසුන් 39 දෙනා සහිත කන්ටේනරය පැමිණි අතර, හොලිහෙඩ් හරහා උතුරු අයර්ලන්තයේ නෝර්ත් වේල්ස් හි සිට ලොරිය පැමිණියේ කන්ටේනරය ගෙන යන්නට ය. ඒ, බදාදා අළුයම 12.30ට ය. ලොරිය කන්ටේනරය ද පටවාගෙන අළුයම 1.05ට වරායෙන් පිටත් වූ අතර, ග්‍රේස් හි වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයෙන් පොලිසියට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ අළුයම 1.40ට ය. ඒ මළසිරුරු සොයාගැනීමෙන් පසුව ය. මෙම දුරකථන ඇමතුම ලබාදුන්නේ කා විසින් ද යන්න පොලිස් විමර්ශකයන් විසින් තවම හෙළි කර නැත.
මළ සිරුරුවලින් තිස් එකක් පුරුෂයන්ගේ වන අතර ඉතිරි අටදෙනා කාන්තාවෝ වෙති.
 ලොරියේ වූ මළ සිරුරු හඳුනා ගැනීමේ වෝහාරික පරීක්ෂණ දැන් සිදු කෙරෙමින් පවතී.එම මළ සිරුරු හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වෙන ලෙස 'එසෙක්ස්' පොලිසිය බ්‍රිතාන්‍යයේ වෙසෙන වියට්නාම් ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
එක්සත් රාජධානියේ වෙසෙන වියට්නාම් ප්‍රජාව නියෝජනය කරන 'වියට්හෝම්'(VietHome) සංවිධානය, මළසිරුරු තිබුණ ලොරිය පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසකගේ ඡායාරූප ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.
මුහුදු මාර්ගය ඔස්සේ එංගලන්තයට අනවසරයෙන් මිනිසුන් ඇතුල් කෙරෙන මාවත් කීපයකි.
වාහනවලට ඇතුල් කරණු ලබන සංක්‍රමණිකයන් ප්‍රංශය,නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල වරාය ඔස්සේ මුහුදු මාවතින් බ්‍රිතාන්‍යයට ඇතුල් කිරීම ඉන් එක් උපායකි.
රුසියාව-පෝලන්තය-ජර්මනිය සහ ප්‍රංශය ඔස්සේ පුද්ගලයකු එංගලන්තයට ගෙනඒම සඳහා ජාවාරම්කරුවන් විසින් අයකරන ගාස්තුව ස්ටර්ලින් පවුම් (£30,000) තිස්දහසක් පමණ වෙයි.
එවැනි ගමන් සංවිධානය කරන වියට්නාම් තැරැව්කරුවෝ එරට වෙසෙති.
ජාවාරම්කරුවා යුරෝපා රටක රථ ගාලකදී සිය ගනුදෙනුකරුවන් වන සංක්‍රමණිකයන් ලොරියකට ඇතුල් කර එහි දොරවල් වසා දමයි.
අනවසර සංක්‍රමණිකයන් කවර මිලක් හෝ ගෙවා බ්‍රිතාන්‍යයට ඇතුල්වීමට දරන ප්‍රයත්නය, එරට දී ලඟාකර ගතහැකි උසස් ජීවන මට්ටම පිළිබඳ බලාපොරොත්තුවත් සමඟ බැඳී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මුහුදින්,ගුවනින් සහ ලොරි,කන්ටේනර් සහ වෑන් වැනි වාහනවල සැඟවී අනවසරයෙන් බ්‍රිතාන්‍යයේ පාතබන්නට

තැත්කළ සංක්‍රමණිකයන් මුහුණදුන් ඛේදජනක අවස්ථා කීපයක්ම පසුගිය අවුරුදුවල වාර්තා විය.
2014 පටන් සිදු වූ එවැනි ඛේදජනක මරණ දොළහක් පිළිබඳව සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආයතනය (IOM)මින්පෙර වාර්තා කර තිබුණි.
ගුවන්යානයක බඳෙහි රෝද කුටියේ සැඟව එද්දී ලන්ඩන් නගරයේ ගෙවුයනකට වැටී මියගිය අනවසර සංක්‍රමනිකයෙක්ද ඊට ඇතුළත් වෙයි.
භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොරියක හෝ ඊට සමාන වාහනයක සැඟව එද්දී ඉන් වැටී පස්දෙනෙක් මරුමුවට පත්ව ඇත.
අවුරුදු පතා ලක්ෂ ගණනින් එක්සත් රාජධානියට පිවිසෙන සියලුම ලොරි පරීක්ෂා කර බැලීම අතිශයින් දුෂ්කර කාර්යයක් බව අපරාධ මැඩලීමේ ජාතික ආයතනය (NCA) පෙන්වා දෙයි.
මේ නූතන මිනිස් ජාවාරම හා වහල් සේවයට ගොදුරු වූ වියට්නාම් ජාතිකයන් අවම වශයෙන් 702 දෙනෙකු එංගලන්තය තුළ සිටින බවට පසුගිය වසරේදී ගණනය කරනු ලැබීය. බ්‍රිතාන්‍යය තුළ සිටින, මේ තත්වයට ගොදුරු වූ වැඩිම වින්දියන් පිරිසක් පැමිණි රට සේ සැලකෙන්නේ ඇල්බේනියාවයි.
මේ අතර බ්‍රිතාන්‍යයේ විප්‍රවාසී ව සිටින වියට්නාම් ජාතිකයන් පිළිබඳ පවත්වාගෙන යන VietHome නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ වියට්නාම් ජාතිකයන් 10 දෙනෙක් පමණ මෙම කන්ටේනරය තුළ සිටියේ යැයි බියක් මතුව තිබෙන බවයි. මේ අතර, වියට්නාම් පවුල් 6 ක් මේ සිදුවීම සම්බන්ධයෙන් බියට පත්ව සිටින බව BBC වෙබ් අඩවිය සඳහන් කරයි. 19 හැවිරිදි වියට්නාම් තරුණියකගේ සහෝදරයෙක් කියා තිබෙන්නේ ඇය අඟහරුවාදා උදෑසන තමන්ට කතා කළ බවයි. බෙල්ජියමෙන් තමන් කන්ටේනරකට නගින බව පවසා ඇති ඇය, ඉන් අනතුරුව දුරකථනය අක්‍රිය කර තිබෙන්නේ තමන්ව බලධාරීන් විසින් සොයාගනිතැයි බිය නිසා ය.
‘I’m sorry, Mom, I’m dying’- ‘‘මට සමාවෙන්න අම්මෙ.. මාව මැරෙන්න යනවා‘‘ එම ටෙක්ස්ට් මැසේජය යවා තිබුණේ ෆාම් තායි ට්‍රා මයි (Pham Thi Tra My) නමැති 26 හැවිරිදි වියට්නාම් තරුණියක විසින් ඇගේ මව් වෙත ය. එය ඇගෙන් ලද අවසන් පණිවුඩය විය. විශ්වාස කෙරෙන්නේ ඇය, පසුගිය සතියේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවූ මළ සිරුරු තිස් නවයක් පිරුණු ලොරි කන්ටේනරයේ සිටින්නට ඇති බව ය.
 ලබන බදාදා මිනී මැරුම් චෝදනා මත කන්ටේනර් රථයේ රියැදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, මිනිස් ජාවාරම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.ඒ ලොරියේ අවසාන හිමිකරුවන් වශයෙන් සැලකෙන 38 හැවිරිදි අඹුසැමි යුවළකි.කෙසේ වෙතත් ඔවුන් පවසා තිබෙන්නේ මෙයට මාස 13කට පෙර සිය වාහනය සොරාගෙන ඇති බවයි.