https://www.gossiplankanews.com/2019/10/20-3-0-sri-lanka-beat-pakistan.html
ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ලාහොර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ අද පැවති 3 වන හා අවසාන විස්සයි 20 තරගයේත් ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු විය.
ඒ අනුව ශ්‍රී ලංකාව

විස්සයි 20 තරගාවලියක් මුල්වරට 3-0 ලෙස ජයගෙන අද වාර්තා පොතට එක්විය. විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව 1 වන ස්ථානයේ පසුවන පකිස්තානය පරදා 8 වන තැන සිටින ශ්‍රී ලංකාව මේ ආකාර ජයග්‍රහණයක් ලැබීම විශේෂිතය.
අද තරගයේ මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7 කට 147 ක් රැස් කළ අතර ඕෂධ ප්‍රනාන්දු පන්දු 48 කින් ලකුණු 78 ක් ලබාගැනීම මෙහිදී කැපී පෙනුණි.
පිළිතුරු ඉනිමේදී ඕවර 20 අවසානයේ පකිස්තානය කඩුළු 6 කට ලබාගත්තේ 134 කි. වනිදු හසරංග කඩුළු 3 ක් ද ලහිරු කුමාර කඩුළු 2 ක්ද ලබාගන්නා ලදි.
මෙවර තරගාවලියට නවක ක්‍රීඩකයින් රැසක් ඇතුළත්වීමත් ඔවුන් ගේ දක්ෂතා හදුනාගන්නට අවස්ථාව සැලසීමත් මෙම තරගාවලියේ වටිනාකම විය.
අද තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා වූයේ වනිදු හසරංගයි