කිලෝග්‍රෑම් 19.5 බරැති ගෙඩියක් කාන්තාවකගේ උදරයේ තිබී ඉවත් කිරීමට අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍යවරු සමත්ව සිටිති.
මෙම ශල්‍යකර්මය
පසුගිය සෙනසුරාදා සිදුකර ඇති අතර ඒ සඳහා පැය දෙකකට ආසන්න කාලයක් වැයවී ඇත. කිලෝග්‍රෑම් 19.5ක් බර හා සෙන්ටි මීටර් 34ක් පළල හා සෙන්ටි මීටර 23ක් උසැති මෙම ගෙඩිය ඉවත් කිරිම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන එස්.එස්. සිමීල්, පී.කේ. රවීන්ද්‍රන්, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය යුරේකා වික්‍රමසිංහ, නිර්වින්දන වෛද්‍ය රුවන් කුරුප්පු ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් දායක වී ඇත.

මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුකිරීමට තමන්ට හැකිවූ බව අක්කරපත්තුව මූලික රෝහලේ අධ්‍යක්‍ෂ අයි.එම්. ජවාහිර් මහතා පැවසීය.

කල්මුනේ - ආර්. ශ්‍රීවේල් රාජා