ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහාය ලබාදෙන්නේ කුමන පාර්ශ්වයකට යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
මධ්‍යම කාරක සභාව ඊයේ (05දා) අවසර ලබාදුන් අතර ඒ අනුව අද උදේ 11 ට ජනපතිවරයා ඒ ගැන දන්වා සිටින බව ඒ අනුව කියැවිණි.

කෙසේ වෙතත් අද පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂය විසින් එම මාධ්‍ය සාකච්ඡාව අවලංගු කර තිබේ.

අද දවල් 12 න් පසු
කිසිදු අපේක්ෂකයෙකුට ජනපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාවක්ද නැති අතර මේ නිසා ජනපති මෛත්‍රීගේ ශ්‍රීලනිප තීරණය වෙනම තරග කිරීමක් නොවනු ඇති බව අනුමාන වේ.
මින් ඉහත වාර්තාවූ පරිදි ශ්‍රීලනිප- ශ්‍රීපොජපෙ එක්වීම සිදුවනු ඇති බවත් ශ්‍රීපොජපෙ පොහොට්ටුව ලකුණ වෙනසක් නැතිව පාවිච්චි වනු ඇති බවත් දේශපාලන ආරංචි සැලකර සිටී.