ඇමෙරිකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇමරිකාවේ මිනසෝටා ප්‍රාත්තයේ සහකාර නීතිපති ධූරයට පත්ව සිටින්නීය. ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් මෙම ධුරයට පත්ව
සිටින්නේ මේ වන විට මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ, මාදෙගමුව, බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර මහත්මියයි.
ගම්පහ සිරි කුරුස විද්‍යාලයන් අධ්‍යාපනය ලබා ඇති රණවීර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයන් නීති උපාධිය ලබා 2005 වසරේ  දී ඇමරිකාවට ගොස් ඇති අතර 2006 වසරේ දී මිනසෝටා ප්‍රාන්තයේ හැමලින් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශස්ත්‍රපති උපාධිය ද අනතුරුව 2016 වසරේ දී මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයන් නීතිවේදී පශ්චාත් උපාධිය ද හිමිකරගෙන ඇත.


පසුව එහි රජයේ විනිසුරුවරියක යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති ඇය පසුගිය 23 වැනිදා මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරයට පත්වී ඇත.  සිය සැමියා වන එරන්ද ලියනපතිරණ මහතා සහ අකෙන් සහ ක්‍රිෂෙන් යන පුතුන් දෙදෙනා සමග නිලුෂා රණවීර මහත්මිය ඇමරිකාවේ පදිංචිව සිටී.

විශ්‍රාමික කම්කරු කොමසාරිස්වරයකු වන සරත් විරසිංහ මහතාගේ සහ ගම්පහ යසෝදරා දේවි බාලිකා විදුහලේ සේවය කොට විශ්‍රාම ලැබූ ඉන්ද්‍රාණි රණවීර මහත්මියගේ තෙවැනි දියණිය වන නිලුෂී රණවීර මහත්මිය 42 වැනි වියෙහි පසුවන්නීය.ඇය ඇමෙරිකාවේ සිට දුරකථනයෙන්  අදහස් දක්වමින් පැවසුවේ තමාට මෙවැනි  ස්ථානයකට මග පෑදු මව, පියා සහ විදුෂි සහ මහීෂ යන වැඩිමහල් සොයුරියන් දෙදෙනා ද මාමා
ගුණ සිරි සිල්වා මහතා සහ නැන්දා අනෝමා ලියනපතිරණ මහත්මිය ද ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි නෙලී හෙලන් මව්තුමිය සහ තම ආත්මවිශ්වාසය ගොඩනැගු යසෝදරා බාලිකාවේ විදුහල්පතිනියකව සිටි සද්ධා අබේසේකර මහත්මිය ද දැඩි භක්තියෙන් යුතුව සිහිපත් කරන බවය.

-තිලකරත්න දිසානායක-