https://www.gossiplankanews.com/2019/09/thirippane-student-death.html
තිරප්පනේ සහ ඇතුන්ගම දක්වා දිවෙන මාර්ගයේ වන්නමඩුව ප්‍රදේශයේ පෙරේදා (31දා) පස්වරුවේ බෝලයක් මිලදී ගැනීමට කඩේට පාපැදියෙන් යමින් සිටි කුඩා දරුවකු බොරලු  ප්‍රවාහනය කළ ටිපර් රථයකට යට වීමෙන්
එම ස්ථානයේම මිය ගොස් තිබේ.
මෙලස මිය ගොස් ඇත්තේ තිරප්පනේ ආලිස්ථාන මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මලිදු තිලක්ෂණ (8) නමැති දරුවෙකි.
මොහු මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා නිවස ආසන්නයේ ඇති වෙළදසැලට බෝලයක් ගෙන ඒමට පාපැදියෙන් ගොස් ඇත. එහිදී ඉදිරියේ වම් පස නවතා තිබූ ලොරි රථයකට ඉස්සර කිරීම සඳහා පාපැදිය මාර්ගය මැදට ගෙන තිබේ. ඒත් සමඟම ඇතුන්ගම දෙස සිට තිරප්පනේ දෙසට ධාවනය කළ බොරලු පටවා ගත් ටිපර් රථයේ ගැටී තිබේ. ටිපර් රථයට යටවූ දරුවා පාපැදියත්  සමඟ මීටර් 10ක්

පමණ ඉදිරියට ඇදී ගොස් තිබිණි.

නිවෙසේ සිට සිය පාපැදියන් ඒ අසල වෙළෙඳසල වෙත යමින් සිටි සිසුවා පාපැදිය ද සමග ඉදිරියෙන් පැමිණි බොරලු පැටවූ ටිපර් රථයකට යට වී තිබෙන බවත්, සිසුවාගේ හිස ටිපර් රථයේ පසුපස රෝදයකට යට වීම නිසා  ඔහුගේ මරණය සිදු වී තිබෙන බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.මිය ගිය සිසුවාගේ නිවසේ සිට මීටර් 75ක් පමණ දුරින් මෙම අනතුර සිදු වී තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් රියැදුරුට පහරදීමට උත්සාහ කර ඇති අතර ඔහු ආරක්ෂාව සඳහා ටිපර් රථය දොරගුළු වසාගෙන සිට ඇත. ඒ මොහොතේම එම ස්ථානයට ළඟා වූ තිරප්පනේ පොලීසියේ පොලිස් නිලධාරින් රියදුරු පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී‍ෙ
පසුව එම ස්ථානයට පැමිණි තිරප්පාන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට ගමිමුන්ගේ දැඩි විරෝධය එල්ල විය
ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයත් සමඟම තිරප්පනේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාර්ගය මැද රෙදි කඩකින් වසා තිබුණු දරුවාගේ මළසිරුර සිය දෑතට ගෙන. පොලිස් ජීප් රට දමා ගෙන අනුරාධපුර මහ රෝහලට ගෙනයමට කටයුතු කරන ලදී.
ටිපර් රථයේ රියැදුරු වන තිරප්පනේ  නුවර පාර පදිංචි සුමිත් කැලුම් සමරකෝන් යන අය තිරප්පනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් රියදුරුට ඇති වූ රෝගී තත්ත්වයක් නිසා පෙරේදා (31දා) පස්වරුවේම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට තිරප්පනේ පොලීසිය පියවර ගෙන තිබේ.
පොලිස් ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රියැදුරු පිළිබඳ බී වාර්තාවක් මගින් ඊයේ (1දා) අනුරාධපුර අධිකරණයට කරුණු වර්තා කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.