ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු විමර්ශනය කිරීම සඳහා පැවැති කෝප් කමිටු සැසිය සඳහා සහභාගි වූ ක්‍රිකට් නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඔවුන් ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් තමාට අපැහැදිලිතාවක් ඇති බවත්, ඉදිරියේදී එම නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.  ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (10දා) බොරැල්ල ආනන්ද
රාජකරුණා මාවතේ පිහිටි කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි‍.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් සභාපතිවරයා,"කෝප් කමිටුව හමුවේ ක්‍රිකට්  ආයතනයේ නිලධාරීන් පිළිතුරු ලබාදුන් අයුරු පිළිබද මම කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවීමක් කළාම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව සැහැල්ලුවට අරගෙන,
 පාර්ලිමේන්තුවේ ගෞරවය ගැන හිතන්නෙත් නැතුව බොහොම  අපැහැදිලි පිළිතුරු ලබාදුන්නේ. ඔවුන්ට තිබුණා හොඳ සුදානමක් ඇතුව කරුණු තිබුණා. හොඳ සුදානමක් ඇතුව කරුණු අධ්‍යනය කරලා එතැනට යන්න. මම ඒ ගැන කනගාටු වෙනවා
වගේම ඒ නිලධාරීන් සම්බන්ධයෙන් අපට ඉදිරියේදී තීන්දුවක් ගන්නත් සිදුවේවි" යැයි

 ප්‍රකාශ කළේය.මෙහිදී කෝප් කමිටුවෙන් මිදී ක්‍රිකට් කැම්පස් එක සම්බන්ධයෙන් දැක්වූ කරුණුවලට පිළිතුරු දුන් සුමතිපාල මහතා,අපේ නායක හාමුදුරුවෝ මෙම ඉඩම ලබාදෙන්න කැමතියි කිව්වම අපි තීරණය කළා මෙතන ක්‍රිකට් කැම්පස් එකක් හදන්න. ඊට හේතු වුණේ මහනුවර අපේ ප්‍රධාන ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයක් නිසයි. මේකට කැම්පස් කියලා වචනේ පාවිච්චි කළාට ‍මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. අනික  මෙම ඉඩම් අක්කර දෙකහමාරක් විතර තියනවා. ඒ ස්ථානයේ පර්චස් එකක වටිනාකම අඩුම තරමේ මිලියන එකහමාරකට වඩා වටිනවා.

අපිට රු. මිලියන 300ක් වියදම් කරලා ඉඩම්  ගන්න අවශ්‍යතාවක් නැහැ. ඒ නිසයි අපි පන්සලෙන් ඉඩම ගත්තේ. මෙතන මුදල් අක්‍රමිකතාවක්, වරදක් වෙලා නැහැ. අපිට කෝටි ගානක් වටිනා  ඉඩමක් ලැබුණේ. ඉඩම් වටිනාකම රු. මිලියන 400කට වැඩියි. එතකොට  අපි මේක ගත්තේ බදු පදනම යටතේ.  රු. මිලියන 25ක මුදලක් අපි පන්සලට පරිත්‍යාග කළා. හැබැයි මිලියන 25ට  වඩා සතයක්වත් අපි මේ ව්‍යාපෘතියට  ගෙවලා නැහැ.

මම බොහොම බැගෑපත්ව ඉල්ලනවා අපේ මහානායක හාමුදුරුවන්ව මෙම ප්‍රශ්නෙන් බැහැර කරලා දෙන්න කියලා. ඒ ‍ගෙවපු මුදල්, ඒ ගත්තු තීන්දු සම්බන්ධයෙන් මම වග කියනවා. මේක බොහාම සද්භාවයෙන් කරපු ව්‍යාපෘතියක්” යැයි පවසා සිටියේය.මීට අමතරව ක්‍රිකට් ඒඩි සමාගම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් සභාපතිවරයා,‘ක්‍රිකට් ආයතනයේ ඉන්න නිලධාරිම තමයි 'ක්‍රිකට් ' සමාගමේ නිලධාරීන් වත්. අපි මෙම පුණ්‍යය. කටයුතු කරන සමාගමෙන් විශාල වැඩ කොටසක් කළා. ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් මුදල් ලබාදුන්නා,මේ ව්‍යාපෘතියේ වේතනාව තේරුම් ගතයුතුයි. විගණකාධිපතිට  විගණනය කරන්න  අවශ්‍ය නම් ඒක විගණනය කරන්න කිසිදු ගැටඹුවක් නැහැ, සමාගමක් යටතේ එනවා නම් මෙම සමාගම  විගණකාධිපතිට විගණනය කරන්න බැහැ. ඒ නිසා අපි පැවසුවා. විගණකාධිපතිට විගණනය කරන අවශ්‍ය නීතිමය පසුබිම හදන්නම් කියලා.
 
අනිත් කරුණ 'ක්‍රිකට් ඒඩි’ සමාගමට එක සතයක්වත් මුදල් ඇවිල්ල නැහැ.  ඒ සියලුම මුදල් ලබාදුන් ක්‍රිකට්.ආයතනයෙන්. "ක්‍රිකට් ඒඩ්’ යටතේ  විදෙස් රටක කිසිදු ගිණුමක් නැහැ” යැයි කරුණු දැක්වීය.  මෙහිදී තම කාලය තුළ සිදුකළ වැඩකටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,"මම 1995 ක්‍රිකට් පාලක මණ්ඩලයට ආවේ උපසභාපතිවරයෙක් වශයෙන්. අපි සාර්ථක ගමනක් ඇවිත් තිබෙනවා.

 1996 ලෝක කුසලානය දිනනකොටත් මම. ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙක්. 2004 දක්වා අපි නොයෙකුත්  ව්‍යාපෘති  කරමින් ක්‍රිකට් දියුණු කළා. අනතුරුව 2016 වසරේ මම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වෙනකන් කිසිදු අංශයක් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා අපි දැක්කෙ නැහැ. අපට බිලියන 04 හමාරක මුදල් ගෙවන ඉල්ලුම්පත් තිබු නොයෙකුත් ආයතනවලට. මම 2016 දී අපිට පුහුණුකරුවන් හිටියේ නැහැ. කිසිදු සංවර්ධන සැලැස්මක් තිබුණොත් නැහැ. ක්‍රීඩාංගණ හැම එකකම සේවක අර්බුද ඇතුළු ප්‍රශ්න ගණනාවක් තිබුණා.

විශේෂයෙන්ම ජාත්‍යන්තර  සබන්ධතා  නැතිවෙලා අයිසීසීයෙන් මුදල් නො‍‍දෙන තත්වයට ක්‍රිකට් ආයතනය පත්වෙලා තිබුණා. 'බිග් ත්‍රී" කියලා එකක් හදාගෙන එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවට වාසි වෙන විදිහට මුදල් ලැබෙන තත්වයක් හදාගෙන තිබුණා. එකේදී අපිව සලකලා තිබුණේ තුන්වැනි පත්තියක් විදිහටයි. නමුත් අපිට පුළුවන් වුණා, ඒකෙන් මිදිලා 2016-18 කාලය සඳහා වැඩිපුර ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 50ක් සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 128ක් අයිසීසීයෙන් ලබාගන්න.

එත් සමාගම ආසියානු ක්‍රිකට් කවුන්සිලය ලංකාවට ගෙනල්ලා ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්න අපිට පුළුවන් වුණා.පසුගිය කාලේ වඩාත් කතාබහට ලක්වුණු සිද්ධි 02ක් තිබුණා. එකක් තමයි තරග පාවාදීම් කියන කාරණය. මම පැහැදිලිව කියනවා මම සභාපති ධුරය දැරූ කාල සීමාව තුළදී කිසිම ක්‍රීඩකයෙක්, නිලධාරියෙක් තරග පාවාදීම්වලට සම්බන්ධ වෙලා හෝ අඩුම තරමින් නමක්වත් ගැවීලා නැහැ”යැයි පැවසීය.

 පැතුම් ශ්‍රී විජයරන්න-