ඉන්දියාවේ පාසැලක කාමරයක් තුළදී තවත් පාසැල් ​සේවිකාවක් සමග ලිංගිකව හැසිරී හසුවීමෙන් පසු
ගම්මුන්ගෙන් ගුටි කෑ ගුරුවරයෙකු ගැන පුවතක් වාර්තාවේ.
තමිල්නාඩුවේ උදුප්පන් නම් රජයේ පාසලේ ගුරුවරයෙක් මෙම සිදුවීමට මුහුණපා ඇත.
ඔහු එම පාසලේ සේවිකාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගොස් තිබෙන අතර, පාසැල් කාලසීමාවෙන් පසු ඇය හා අඹුසැමි ඇසුරක නියැළීමට කටයුතු කර ඇත්තේ
පංති කාමරයක් ඇතුළතදීය.
මේ දෙදෙනා එසේ හැසිරෙණු කිහිප වතාවකදීම පාසලේ දරුවන්ට හසුවීම නිසා ඒ දරුවන් ඒ ගැන තම දෙමවුපියන්ට දන්වා ඇත.
දෙමවුපියන් සහ අසල ගම්වාසීන් අදාළ ගුරුවරයා සහ ඔහු සම්බන්ධතාවය පවත්වාගෙන යන කාන්තාව යන දෙදෙනාවම පාසල තුළ නොහොබිනා ලෙස හැසිරෙන අතරතුර කොටු කරගන්න සැලසුමක් සකස් කඇත්තේ ඉන් පසුවය.
සිද්ධිය අතටම අල්ලාගත් පසු පිරිස එක්ව ගුරුවරයාට දරුණු ලෙස පහර දී ඇත. පසුව ඔහුව පාසැල් පිට්ටනියේ දණ ගස්වා පරිභව කර ඇත.
පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්නට ඉන් පසුව කටයුතු කර තිබේ.