තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් මාරස්සන නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළදී පසුගිය 8 වැනිදා සිය අනියම් සැමියාගේ පිහි පහරකට ලක්වූ වයස අවුරුදු විසිනවයක (29) කාන්තාවක් හා ඇයගේ වයස අවුරුදු
එකොළහක (11) දරුවා
බරපතළ තුවාල ලබා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරුකර යවා ඇත.

පහරදීම සිදුකළ පුද්ගලයා බෝලෑප ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් අටක (48) හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි. කාන්තාවට හා දරුවාට පහරදීමෙන් පසුව එම පුද්ගලයා පිහියද රැගෙන සිය ත්‍රිරෝද රථයෙන්ම ගොස් තලාතුඔය පොලිසියට භාරවී ඇත.  සිය අනියම් බිරිය සමඟ ඇති වූ ආරවුලක් නිසා මෙම පහරදීම සිදුකළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කොට ඇත. සිය මවට එල්ල වන පිහි පහර වැළැක්වීමට උත්සාහ කිරීමේදී කුඩා දරුවාටද තුවාල සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

-අසංග චම්පික-