ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීම පෙරේදා (16දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති අතර,
එහිදී සාකච්ඡාවට බඳුන් වූ යම් යම්
කරුණු සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් විධායක කමිටු රැස්වීම අතරමැද නවතා දැමීමට පියවර ගත් බව විධායක කමිටු සාමාජිකයකු පවසා සිටියේය.

මීට පෙර විවිධ හේතුන් මත කිහිපවරක්ම කල්දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීම යළිත් පැවැත්විණ. කෙසේ නමුත් රැස්වීම අතරතුර පරිපාලන අංශ ප්‍රධානියාගේ අක්‍රමිකතා  රැසක් සාකච්ඡාවට ගැනීමත් සමග විධායක කමිට රැස්වීම කාලගෝට්ටියක් බවට පත්ව  තිබේ.

ඒ අනුව තවදුරටත් විධායක කමිටු රැස්වීම පවත්වාගෙන යා නොහැකි  මට්ටමට තත්වය උණුසුම්  මුහුණුවරක් ගෙන ඇති අතර, ඒ හේතුව නිසාම රාත්‍රී 08.15ට  පමණ විධායක කමිටු රැස්වීම අතරමැද නවතා දැමීමට පියවර ගත් බව එම විධායක කමිටු නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේයෙ.

-පැතුම් ශ්‍රි විජේරත්න-