ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සුපර් සොපර් යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ ගෙවීමේදී මීට පෙර ගෙන්වූ මුදලට වඩා වැඩි මිලකට එම යන්ත්‍ර ගෙන්වන්න උත්සහ කළ ප්‍රසම්පාදන කළමනාකරුට අපූරු දඬුවම් මාරුවක් ලබා
දී ඇතැයි  වාර්තා වේ. එනම් ඔහුව ප්‍රසම්පාදන කළමනාකරු ධුරයෙන් ඉවත් කර සැපයුම් කළමනාකරුවෙකු ලෙස අභත්තර මාරු කිරීමක් ලෙස දඩුවම් මාරුවක් ලබා දී තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීයෙකුද සම්බන්ධ කර ගනිමින් කළ විමර්ශනයේදී වැරදිකරුවෙකු බවට පත්ව ඇති හෙයිනි.


මීට පෙර සැපයුම් සහ ප්‍රසමිපාදන කටයුතු එක් කළමනාකරුවෙකු යටතේ තිබුණද පසුව කළමනාකරුවන් දෙදෙනෙක් යටිතට දමා තිබුණත් මෙහි කාර්යන් සිදුවනුයේ පාලන අංශ ප්‍රධානියා යටතේය.

මෙම දඩුවම් මාරුව ක්‍රිකට් ආයතන සේවකයන් අර්ථ දක්වා ඇත්තේ ඔහුගේම අංශයට ඔහුව මාරු කර ඇති බවත්, මෙමගින් වැරදිකරුවන්ට තවත් වැරදි කිරීමටද පොළඹවාලීමක්ද වශයෙනි. මීට අමතරව සැපයුම් කළමනාකරු මේ වනවිට පරිපාලන අංශ ප්‍රධානියාට වාර්තා කිරීමටද නියෝගයක් ලබා දී ඇතැයි අනාවරණය වේ.

මෙම මුල්‍ය අක්‍රමිකතාව සිදු කිර්මට උත්සහ කිරීම හේතුවෙන් අදාළ ටෙන්ඩර් ක්‍රියාවලියෙන් මෙම කළමනාකරුව ඉවත් කිරීමටද ක්‍රිකට් බලධාරින් පියවර ගෙන තිබේ.

මෙම කළමනාකරුවාට මීට පෙරද මෙවැනි මූලය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

ඒ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යන්ත්‍රෝපකරණ ගෙන්වීම සදහා රු. මිලියන 53ක චෙක්පතක් අත්තිකාරමි ලෙස ගෙවීමේ ඉල්ලීමක්ද පවතී. කෙසේ වෙතත් ක්‍රිකට් භාණ්ඩාගාරීකවරයා එම ගෙවීම ප්‍රතිෂ්ප කර තිබුණි.

මේ අතර ක්‍රිකට් ආයතනයේ ටෙන්ඩර් උපදේශකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඔහු මීට පෙර සේවය කළ ගොඩනැගිලි සැදීමේ කොන්ත්‍රාත් සමාගමකට මෙම යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ අවස්ථාව ලබාදීමට උත්සහ කරන බවටද තොරතුරු වාර්තා වේ.

පැතුම් ශ්‍රී විජේරත්න