https://www.gossiplankanews.com/2019/09/sangakkara-speaks.html#more
වශ්‍ය තරම් කැපවීම ඇත්නම් පුහුණුකරුවන් හෝ ක්‍රීඩාවේ පරිපාලනය පසුපස යාම අනවශ්‍ය බව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කොළඹ නෙළුම් පොකුණ රඟහලේ 16දා පැවති වසරේ පාසල් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්  පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර,
"ඔබ සියලු දෙනාම
සුවිශේෂි යොවුන් ක්‍රීඩකයින්. මෙතැන්නේ සිට ඉදිරි අනාගතය සකසා ගැනීම ඔබට භාරයි. නමුත් ඒක කරන්න අවශ්‍ය දෙයක් තමයි සැළසුම් කිරීම, බොහෝ වෙහෙස වී වැඩ කිරීම, නිවැරදි මග පෙන්වීමක් හා හොඳ පුහුණුවක් ලැබීම වැනි කාරණා. කැපවීමි කරන්න, අමාරු කාලවලදී හැමදා තමන්ව විශ්වාස කරන්න, ඔබ අවශ්‍ය තරම් කැප වෙලා තියෙනවා නම්, අවශ්‍ය මාර්ගයෙ ගිහින් තියනවා නම් ඔය ඉලක්කය සපුරා ගන්න ඔබට තිබෙන දක්ෂතා හා හැකියා ප්‍රමාණවත්. ඒකට ඔබ පුහුණුකරුවන්, විනිසුරුවන් හෝ ක්‍රීඩාවේ ප්‍රබලයින් සමග මිත්‍ර වෙන්න අවශ්‍ය නෑ.

මාධ්‍යවේදීන් ඔබ පිළිබඳ

හොඳ . ලියන එක විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. කැපවෙලා වැඩ කරන්න, නිවැරදි සැලසුමක් තියාගන්න. ලෝකයට ඔබේ දක්ෂතා පෙන්වන්න. එතකොට ඔබට අවස්ථාවක් එයි. නමුත් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි.

මිනිස්සු ඔබෙන් ගොඩක් දේවල්. බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබේ ගමන ඔබට බාරයි. ඔබේ අනාගතයට යන සිතියම තියෙන්නේ ඔබේ අතේ. අනෙක් අයට ඔබේ අනාගතය තීරණය කරන්න ඉඩ දෙන්න එපා"යැයි පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සංගක්කාර පැවසුවේ, ක්‍රීඩාවේ දක්ෂතා මෙන්ම ක්‍රීඩකයන්ගේ වටිනාකම්ද වැදගත් වන බවයි.

"ක්‍රිකට් ක්‍රීඩාවේ රඳා පැවැත්ම තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ වටිනාකම් හා ඔවුන්ගේ හැසිරීම් මත. එය පිටියේදී පමණක් නොවෙයි ඉන් පිටතදීත් තිබිය යුතුයි. හැම වෙලාවෙම පිත්ත හා පන්දුව මත පමණක් නොවෙයි ක්‍රිකට් ක්‍රීඩාවේ රඳා පැවැත්ම පවතින්නේ. ඔබ කොහොම පුද්ගලයියක්ද කියන කාරණය මතයි. ඔබ පිටියේදී බබළන්නේ කොහොමද කියන කාරණය වගේම, පිටියෙන් පිටතටත් එය රැගෙන යන්නේ කොහොමද කියන කාරණයයි වැදගත්.

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති හා නියාමන තිබෙනවා. සමහර විට අපි කතා කරනවා ක්‍රීඩාවේ ජීව ගුණය ගැන. නමුත් නීතිරීති හා අපිට ක්‍රීඩා කරන්න වෙන තත්ත්වයන් සෑම විටම අපිට අවශ්‍ය ලෙසින්ම ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. එතනට තමයි ඔබ ක්‍රීඩාවේ ජීව ගුණාය හා ඔබේ අභ්‍යන්තර වටිනාකම් යොදන්න ඕන.

මනුෂ්‍යයක් ලෙස ඔබ කවුද කියන දේ ඔබට නිවැරදි තීරණයක් ගන්න මග පෙන්නාවි. ඒක තමයි වැදගත්ම
දේ. ඒකෙන් අදහස් කරන්නේ ඔබ හැම තිස්සෙම දිනනවා හෝ පරදිනවා කියන එක නෙමෙයි. හැබැයි ඔබ අභියෝගයන්ට මුහුණ දෙනකොට වඩා නිවැරදි තීරණය ගන්න සිද්ධවෙනවා.

ඒක තමයි මේ ක්‍රීඩාවේ

පවතින අලංකාරය. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරනවා කියන් විනෝදජනක කාරණාවක්. ඔබ ඒක ලබාගත යුත්තක්. නමුත් ඒක නිකම්ම නිකම් ලෑශබයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒක අයිතියක් කියලත් හිතන්න එපා. ඒක ඔබ ලබාගත යුතු වරප්‍රසාදයක්. මෙතන කිසියම් හෝ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලැබුවොත්, දිගු
කාලයක් ඔබ ක්‍රීඩා කරන්න නම් ඔබ වඩාත් කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

ලෝකය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රියත්වය වැඩි වුණත් ඒ සමගම එන එහි අනතුරුදායක බවත් වැඩි වෙනවා. අපිට නිතරම අහන්න ලැබෙනවා පිටියේදී වගේම පිරියන් පිටතදීත් ක්‍රීඩාවේ නොමනා හැසිරීම්. විශේෂයෙන් තරග පාවාදීම් වගේ
දේවල්. නමුත් එවැනි කටයුතුවලින් කවුරුන් හෝ ඔබට තර්ජනයක් වෙනවා නම් නිවැරදි තීරණය ගන්න බය වෙන්න එපා. ලෝකයම එරෙහි වුණත්, නිවැරදි තීරණය ගැනීම පුද්ගලයෙක්ව මනින සාධකයක්.

ඔබට වාසි විදිහට හැමදේම වෙනව නම් තීරණ ගන්න එක ඉතාම සරලයි. හැබැයි ලෝකය හැම වෙලාවෙම එචිචර සරල නැහැ. ඒ නිසා හැමවෙලාවෙම ධෛර්යසම්පන්න වෙන්න. හිනාවෙලා අනාගතයට මුහුණ දෙන්න. විපත්ති ආවත් ඒවට අභියෝගයක් වෙන්න. ඔබට ඕනෑම දෙයක් කරන්න පුළවන්, ඔබ ඒක කොතරම් දුරට විශ්වාස කරනවාද කියන කාරණය මත.

ඔබට මෙම සම්මාන උළෙලේදී සම්මානයක් හිමි නොවුණා කියලා දුක් වෙන්න එපා. මොකද මමවත්, රංගනවත් (හේරත්) වසරේ පාසල් ක්‍රීඩකයා සම්මාන උළලේ කිසිදු සම්මානයක් හිමිකරගෙන නෑ.

මෙහිදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සමිබන්ධයෙන්ද අදහස් දැක්වීමට සිංගක්කාර අමතක නොකළේය.

"තරුණ ක්‍රීඩිකාවන් මෙහි සිටීම ගැන මම හුඟක් සතුටු වුණා. මොකද කාන්තා ක්‍රිකට් කියන්නේ අද වෙද්දි ජාත්‍යන්තරවත් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ක්‍රීඩාවක්. ඉතාමත් ජනප්‍රියයි.

ඊළඟ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාලියේ අවසන් මහා තරගය ප්‍රේක්‍ෂකයන් ලකෂයක් පමණ නරඹයි කියල එම්.සී.සී. (මාර්ලිබෝන් ක්‍රිකට් සංගමය) බලාපොරොත්තු වෙනවා. එය අද වගේ දවසක තරුණ ක්‍රීඩිකාවට වටිනා පණිවිඩයක් වෙයි, ඒ වගේම දෙමාපියන්ටත්. ක්‍රිකට් කියන්නේ ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ නිසා ඔබට හොඳ අනාගතයක් තිබෙනවා ජාත්‍යන්තර වශයෙන්” යැයි පැවසීය.

ඕෂිත වරකපිටිය