ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත්
ප්‍රේමදාස ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව අද දින දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10දා) දහවල් පවත්වා ඇති බවත් වෙනත් කිසිදු පුද්ගලයකු
මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති බවත් වාර්තා කර තිබේ.

ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි ද එහි දැක්වේ.
ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන 2018 ඔක්තෝබර් දේශපාලන පෙරළියේ පසුපස සිට වැඩ කළ අයෙකු බවට වාර්තා පළවී තිබිණි.