දේශීය හා විදේශීය සංචාරකයින් ප‍්‍රවාහනය කිරීමේ අරමුණින් පෞද්ගලික ගුවන් සමාගමක් රත්මලාන හා පලාලි අතර ද එතැන් සිට ඉන්දියාව දක්වා ද නව ගුවන් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව වාර්තාවේ.
ෆිට්ස් එයාර් FitsAir නමැති මෙම සමාගම ලබන ඔක්තෝබර් මස පලාලි ගුවන් තොටුපළ

නවීකරණය කොට විවෘත කිරීමත් සමගම ඔවුන්ගේ ගුවන් සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දන්වා ඇත.

දිනපතා රත්මලානෙන් උදෑසන හයට ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන් තොටුපල වෙත පැමිණ එතැනින් පෙරවරු 9-30 ට ඉන්දියාවේ විසාකපට්ටන ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට නියමිතය.

සවස ආපසු පලාලි වෙත පැමිණ රත්මලාන දක්වා මෙම ගුවන් යානය පියාසර කරයි. මගීන් 70ත් 90ත් අතර පිරිසකට ගමන් කළ හැකි ගුවන් යානයක් මේ සඳහා යෙදවීමට නියමිතය.
එම සේවාව ආරම්භ කොට මාසයක් ඇතුළත ඒ අන්දමටම රත්මලාන සහ මඩකලපුව අතර අභ්‍යන්තර ගුවන් සේවාවක්ද එම ගුවන් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ