චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී
ධූරයට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් හිටපු පළාත් අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා නම් කර තිබේ.
 ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය නම් කර ඇත.
මේ අතර ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට යළිත් ඒ මහතාගේ නම යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ශාන්ත බන්ඩාර ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වූයේ මියගිය සාලින්ද දිසානායක වෙනුවට මෛත්‍රී පිල වෙනුවෙන්  පත්වීමක් ලබාගන්නට වුවත් එය වැරදී ඒ වෙනුවට පොහොට්ටු පිලේ එච්.එම්.ඩි.බි.හේරත් පත් කිරීමට කුරුණැගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පියවර ගෙන තිබුණි.
ඒ අනුව උත්සාහය වැරදුණු  ශාන්ත බණ්ඩාර මහතාගේ නම ගැසට් මගින් ඉදිරියේදී යළිත් ජාතික ලැයිස්තුවටම නම් කර ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.