ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකිවීම් සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත් ක්‍රිඩාවෙන් සමුගන්නා තෙක් කණ්ඩායමට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා
දීම තම අපේක්ෂාව බවත් ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග පැවැසීය.

එම් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍යය හමුව අමතන්නේ මෙම අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා "කඩුලු ත්‍රිත්වයක් සහ පිට පිටම හතරකදී කඩුලු 4ක් දවා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන තරගයකදී මට ලකුණු ගැහුවොත් ඔය කඩුලු 4ත් ඉවරයි,
මගේ ජයග්‍රහණත් ඉවරයි. ඉතින් මම බලාපොරොත්තු වන්නේ සෙල්ලම් කරන තාක්කල් මට පුළුවන් උපරිමය කරන්න, හැමදාම සාර්ථක වන්නේ නැහැ. මගේ ක්‍රීඩා දිවියේ අන්තිම කාලය තමයි මේ ගෙවෙන්නේ. යනුවන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයන් සහ සමස්ත තරගාවලියේදී ඔවුන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සැහීමකට පත්වන්නේද” යනුවෙන් එමි අවස්ථාවේදී මාධ්‍යවේදින් විමසූ විට ලසිත් මාලිංග පැවසුවේ මෙවැන්නකි. 'පළමු තරග දෙක පැරදුණත් එහිදි අපගේ නවක ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාශය අති විශිෂ්ටයි. අපි සියලුදෙනා දන්නවා මේ කණ්ඩායමේ විස්සයි-20 අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් ඉතා අඩුයි. ඉතින් ඒ වගේ කණ්ඩායමක් සමග නවසීලක්කය වැනි කණ්ඩායමකට් මේ වගේ කරට කර ක්‍රීඩා කළ හැකි වීම ගැන සතුටට පත්වෙනවා. එම නිසා මම හිතනවා 2020 වසර වනවිට ශ්‍රී ලංකාවට විස්සයි-20 කණ්ඩායමක් නිර්මාණය කරගන්න පුලුවන් වෙයි කියලා. කවුරු නායකයා වුණත් ඒක මට ප‍්‍රශ්නයක් නෙවෙයි යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකා කාණ්ඩායමේ ක්‍රීඩකයන් ලසිත් මාලිංගගෙන් කෙසේ ගුරුහරුකම් ලබා ගන්නේද යනුවෙන් මාධ්‍යවේදින් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් මාලිංග මට මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්නය පිළිතුරක් ලබා දිය නොහැකියි. නමුත් දැනට ක්‍රීඩා කරන සහ කී‍්‍රඩා කල සෑම ක්‍රීඩකයෙකුටම මගේ අත්දැකීම් සහ ගුරුහරුකම් මම ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් කවදා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වුණභාත් මම ඒදේ ලබා දෙනවා. ඒ වගේම් ඕනම් අවස්ථාවකදී ක්‍රීඩකයන් ඇවිත් ඇහුවොත් සියයට සීයයක්ම මගේ උපරීම සහයෝගය ලබා දෙනවා. මුම්බායි ඉන්දියන්සේ කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මා ගත අවස්ථාවේදී ජස්ටින් බුම්රා මගෙන් උපදෙස් ලබා ගත්තා. දැන් ඔහු දක්ෂ ලෙස පන්දු යවනවා. ඒක සතුටුයි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ශ්‍රී ලංකාව හෝ වෙනන් රටකට මගේ දැනුම පිළිබඳව කැමැත්තක් දැක්වුවහොත් එය ලබා දීම සඳහා මම ඉතා සතුටින් කටයුතු කරනවා."