https://www.gossiplankanews.com/2019/09/maithripala-slfp-next-president-candidate.html
ළැඹෙන ජනපතිවරණය සඳහා ශ්‍රීලනිපයෙන් තරගකරුවෙකු ඉදිරිපත් කරන බව අද (5) නිල වශයෙන් වාර්තා කෙරිණි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මේ ගැන මැතිවරණ කොමසාරිස්වරයා වෙත
දැනුම් දී ඇත.
ඒ කාරණාව ශ්‍රී ලංකා

නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ජනමාධ්‍ය වෙත නිල වශයෙන් රාත්‍රී 9 ට පමණ තහවුරු කළේය.
ඔහු අපේක්ෂකයා කවුරුදැයි දන්වා සිටියේ නැති නමුත් දේශපාලන ආරංචි හෙළි කරන්නේ ඒ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන බවයි.
මෙම වෙනස ගැන මීට දින කිහිපයකට පෙර මහින්ද අමරවීර මන්ත්‍රීවරයාද ඉඟි කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධවී තනි අපේක්ෂකයෙකුට සහය දැක්වීමේ අරමුණ ශ්‍රීලනිපය වෙනස් කරගෙන තිබෙන අතර මේ නිසා බිම් මට්ටමින් ශ්‍රීලනිපයේ බෙදීමක්ද නිර්මාණය වීමට අවස්ථාව සැලසී ඇත.