ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ජනපති මෛත්‍රිපාල සිරිසේනට අයත් ආරක්ෂක අමාත්‍යංශය භාරයට ගත් පසුව නව සභාපතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මාසේ ඇතිවූ දේශපාලන පෙරළිය කාලයේ මෙම සංස්ථාවේ සභාපතිවරයකු ලෙස සිටි සරත්
කෝන්ගහගේ එම නව සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇතී.
මෙතෙක් සභාපති ධුරයේ කටයුතු කළ ඉනෝකා සත්‍යාංගනී වෙනුවට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන විසින් කැලුම් පාලිත මහීරත්න සභාපති ධුරයට පත් කිරීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය විය. කැලුම් පාලිත මහීරත්න පෙරේදා (9 වැනිදා) රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පැමිණියත්, රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වීමට පවා නොහැකි විය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් පෙරේදා (9 වැනිදා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම මැතිවරණ සමයේ දේශපාලන වාසි පිණිස සිදු කළ එකක් බවට මේ වනවිට විවිධ සංවිධාන විසින් පෙන්වා දී ඇති අතර එම ක්‍රියාව පැෆරල් හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අප්‍රසාදයට හේතුවී ඇත.