Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ  එළිමහනේ ගොඩ ගසා තිබු කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර  ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ
සභාපති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (10) පැවසීය. මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සලකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබිමට පියවර ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කසළ තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරිසර
සංවිධානයක් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු කසළ මෙරටින් බැහැර කිරීමේ හැකියාවක් නැතැයි ද දේවප්‍රිය මහතා කීවේය. අධිකරණය මගින් ලබාදෙන තීන්දුවෙන් පසු එය නැවත ප්‍රතිඅපනයනය කිරීමේ බලය ආයෝජන මණ්ඩලයට හිමිවන බව ද හෙතෙම  ප්‍රකාශ කළේය.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපලේකම්වරයකුද වන ඉසුර දේවප්‍රිය මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10)පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දියෙකු නැගු  පැනයකට පිළිතුරු දෙමිනි.

කරදියාන කසළ කන්ද පුපුරා යාමේ අවදානමක් මතුව ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් සභාපතිවරයා පැවසුවේ එවැන්නක් වුවහොත් වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් එයට වගකිව යුතු බවයි.  තමන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමනුත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් එක්ව මේ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් නිසා එම කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව ද කීවේය.

-ඩයනා උදයංගනී-













Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter