https://www.gossiplankanews.com/2019/09/maithri-slfp.html#more
 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මේ දිනවල ශ්‍රී ලනිපයේ  සාකච්ඡා මේ වනවිට තීරණාත්මක ලෙස අසාර්ථක තත්වයට පත්ව ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි. පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මාධ්‍ය
ඉදිරියේ සාකච්ඡා සාර්ථක බවට අදහස් පළ කළද ඇතුළාන්තය තුළ පැනනැගි තර්ක ගැටලු තවම ඒ ඒ තැන්වලම බව හා විසඳුමකට එළැඹ නැති බව වාර්තාවේ.
මහින්දගේ පිලට හවුල් නොවූ මෛත්‍රී හිතවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිය දේශපාලන අනාගතය ගැන බියකින් පසුවන අතර ඉදිරියේදී සිය දේශපාලනය අහවරවීම වළක්වා ගැනීීමට සියලු උපායන් ගැන කල්පණා කරමින් සිටින බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමක් සිදු නොවුනොත් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බව පක්ෂ මුලස්ථානයේ අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස්

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා දන්වා සිටියේ මෙම පසුබිමේය.
ජනපති තරගයට ශ්‍රීලනිප වෙනම තරග කිරීම සිදුවන්නේ නම් එහි සෘජු අවාසිය පොහොට්ටු පිලේ ඡන්ද ප්‍රතිශතයට බලපෑ හැකි බව දේශපාලන විශ්ලේෂක අදහසයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා තම පක්ෂය තනිව වුවත් ශක්තිමත් බවයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට රජ කිරීමට නොහැකි වුවද රජුන් තනන පක්ෂය බවට පත්ව ඇති බව එම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම හෙට (03) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂයට අයත් යයි තවම සිතන මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්වන්නේ නැති බව වාර්තාවේ.