තැපැල් වර්ජන ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ යම් ක්‍රියාකාරිත්වය හේතුවෙන් සියලුම ආදායම් බදු ගෙවන්නන්ට නියමිත දිනට වාර්තා සහ ගෙවීම් පත්‍රිකා නොලැබුණද ගෙවීම් රිසිට්පත්, වාර්තා ආදිය දේශීය
ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම ලේඛන ලබාගෙන නියමිත දින ප්‍රථම ගෙවීම් සහ වාර්තා එවීමට හැකි වැඩපිළිවෙළක් සකසා ඇති බව දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.

බදු ගෙවනනන් වෙත ලබාදිය යුතුව තිබූ දේශීය ආදායම් වාර්තා ඇතුළත් ලිපිගොනු ඇතැම් තැපැල් කාර්යාලවල ගොඩගසා තිබුණ බවට තොරතුරු ලැබුණ බව පෙන්වා දුන් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා, සමහර ආදායම් වාර්තා ඇතුළත් ලිපිගොනු හැරගොස් ඇත. ලිපිනයේ නැත' යනුවෙන් සටහන් කර තැපැල් කාර්යාල මගින් ආපසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒවන බවද සඳහන් කළේය.

එහෙත් එකී ප්‍රමාදයන් වත්මන් දේශීය ආදායම් පනත අනුව බදු ගෙවන්නාට සහනයක් ලැබීමට හේතුවක් නොවන බවත්, ඒ නිසා බදු ගෙවන්නන් සියලු දෙනාටම ඊ - සේවවෙ හඳුන්වා දීමෙන් ඔවුන්ට සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වාලීමට හැකි බවද
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට ආදායම් බදු ලිපිගොනු විවෘත කර ඇති සියලුම දෙනාගේ තොරතුරු පරිගණකගත කරන බැවින් බදු ගෙවන්නෙකුට හෝ ඔහු විසින් බලය පැවරූ කෙනෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රි - සේවාව වෙත පිවිස ලියාපදිංචි වී තමන්ගේ බදු ශේෂයන්, ගනුදෙනු ඉතිහාසය, බදුගෙවීම සහ ආපසු ගෙවීමක් ඇත්නම් එය ඉල්ලා සිටීම, යම් අභියාචනයක් හෝ විරෝධතාවක් ගොනු කිරීම, නිෂ්කාශනයක් ඉල්ලුම් කර්ම වැනි විවිධ සේවාවන් කලට වෙලාවට පහසුවෙන් ලබාගතහැකි බවද හෙතෙම පෙන්වා පුත්ය.

මෙම ඊ - සේවාව ලබාගැනීමට එම සේවාව තුළ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය බවත්, ලියාපදිංචි වූ විට බදු ගෙවන්නා හඳුනාගැනීම් අංකයක් (TIN) සහ ශපෞද්ගලික හඳුනාගැනීම් අංකයක් (PIN) ලබාදෙන බවත් සියලු තොරතුරු අතිශය රහසිගතව තබාගන්නා බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ආදායම් බදු, උපයනවිට ගෙවීමේ බදු, එකතු කළ අගය මත බදු, සරල කරන ලද එකතු කළ අගය මත බදු, සංවාරක වැට් බදු ආපසු ගෙවීම්, ජාතිය ගොඩනැගීමේ බදු, ප්‍රාග්ධන ලාභ බදු, ඔට්ටු සහ සුදු බදු, මුද්දර බදු, ඉදිකිරීම්න් කර්මාන්ත ඇප අරමුදල් බදු, කොටස් ගනුදෙනු බදු ආදිවූ බදු වර්ග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා මෙම ඊ-සේවාව මගින් ඉහත කී බදු සමිබන්ධ සියලු විස්තර බදු ගෙවන්නන්ට පහසුවෙන් ලබාගත හැකි බවද පැවසුවේය.

ආදායම් බදු ගෙවීමේදී පුද්ගල බදුගෙවන්නන් මෙන්ම, සංස්ථාපිත හෝ හවුල් ව්‍යාපාර බදු ගෙවන්නන් ලෙසත් සමාගම් ලෙසත් එක්ව කෙරෙන අතර ඒ සියලුම දෙනාට මෙම ඊ-සේවාව භාවිත විමන් අනවශ්‍ය ප්‍රමාදවීම් වළක්වා ගැනීමට හැකි බවද සඳහන් ක‍ළේය.

බදු ගෙවීම යනු 'වගකීමක් නාම යුතුකමක් ' බව පෙන්වාදෙන නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ආදායම් බදු ගෙවීමට කිසිවෙකු බිය විය යුතු නැතැයිද සඳහන් කළේය.

www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාවේ ලියාපදිංචි වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවත්, දිවයින පුරා විසිරී සිටින සියලුම බදු ගෙවන්නන්ට මෙම ඊ- සෙවාවට පිවිස ප්‍රමාදයන් වළක්වාගෙන අනවශ්‍ය දඩ සහ පොලීවලින් මිදීමට හැකියාවක් ඇති බවද ඒ මහතා පවසා සිටියේය.

මේ දේශීය ආදායම්
දෙපාර්තමිස්තුවේ ඊ-සේවාව ඇතුළු අනෙකුත් බදු ගෙවීම් ක්‍රම පිළිබඳ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දේශීය

මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව ඇතුළු අනෙකුත් බදු ගෙවීම් ක්‍රම පිළිබඳ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතාගේද සහභාගීත්වයෙන් ප්‍රාදේශීය දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යන බවද පැවසුවේය.