ආරක්ෂිත ඇඳුම් භාවිතා  නොකර ආහාර නිෂ්පාදනය යෙදුණු අයකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ.රමීලා නදීශානි මහත්මිය රුපියල් 3000 ක දඩයක් නියම කළාය. මෙසේ දඩ නියම වුයේ සමාධි පන්සල අසල සාලුක
හෝටලයේ සේවය කරන එච්.පී. ප්‍රදීප් බන්දුල යන 
අයටය.

තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඒ කොට්ඨාස තුළ ආහාර නිෂ්පාදනයේ යෙදෙන සියලුම ව්‍යාපාරිකයන්ට හා ඒ ආයතන වල සේවය කරන සියල්ලන්ටම වෛද්‍ය වාර්තා ලබාගෙන ආරක්ෂිත ඇදුම් පැළඳගෙන ආහාර  නිෂ්පාදනය කළ යුතු බවට උපදෙස් ලබා දී තිබිණි.  එහෙත් ඒ උපදෙස් නොපිළිපැද ටී ෂයක් හැඳ ආහාර පිසීම නිසා ආදළ  පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

-නුවන් කුමාර-