ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇතැයි කියන කතාව මා නම් හිතන්නේ ඇත්තක් යැයි පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ පැවැසීය. හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය.

ගෝඨාභය අපට අභියෝගයක් නොවෙයි කියලා මංගල සමරවීර ඇමැතිතුමා කියන්නේ දේශපාලනිකවයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ශක්තිමත් අපේක්ෂකයෙක්.
මා ඒ ප්‍රකාශය කරන්නේ බිම් මට්ටම සැලකිල්ලට ගෙනයි. ඔහු අපට අභියෝගයක් තමයි. නමුත් එකක් කියන්න. ඕනෑ. ගෝඨා ,සජිත් අතර තියෙන්නේ ළඟින් යන රේස් එකක්.

ඒ වගේම හොඳ කණ්ඩායමකට සහාය දෙනවා කියලා ජනාධිපතිතුමාත් ප්‍රකාශකරලා තියෙනවා.
හොරුන් අල්ලන නඩු ඉස්සරහට නොයන එක මටත් ප්‍රශ්නයක්. හොරුන්ට පක්ෂයක්, පාටක් නැහැ. හොරුන් මේ ආණ්ඩුවේත් ඉන්නවා. මම ඇස් දෙකට දකිනවා. කැබිනට් එකේ හොරුත් ඉන්නවා නම්  ඔවුන් පන්නන්න නායකයාට හැකියාව තිබිය යුතුයි. හොරු තියාගෙන රට හදන ගමනක් යන්න බැහැ යැයිද ඔහු කීය.

-සුජිත් හේවාජුලිගේ-