කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් දහයක, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රි කාලයේත් සිදු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. මේ අනුව ලබන 15 වැනිදා සිට සවස 4න් පසු කොළඹ අක්ෂි
රෝහල (නයනාරෝග්‍ය ශාලාව) ඇතුළු මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වවුනියාව,
නාවලපිටිය යන රෝහල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඇසේ සුද මතුවීමේ රෝගයට ලක්වන සෑම අයකු සඳහාම එම ශල්‍යකර්මයට අවශ්‍ය වන අක්ෂි කාච නොමිලයේ  ලබාදෙන ලෙසට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.මෙම වැඩපිළිවෙළ සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විෂන් 2020 වැඩසටහනේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක, අක්ෂි විශේෂඥ මංගලා ගමගේ මහත්මිය සඳහන් කරයි.

දැනට එක් දිනක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25-30ත් අතර ප්‍රමාණයක් එක් වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන බව බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාවේදි අක්ෂි විශේෂඥ මංගලා ගමගේ ප්‍රකාශ කළාය.

-ජේ.ටී.ද සිල්වා-